-2.1 C
New York

ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් බේරෙන්න කටත්, නාසයත් වසාගත යුතු අයුරු මෙන්න.

Published:

ඉතාමත් වේගයෙන් පැතිර යන ඔමික්‍රොන් ප්‍රභේදයෙන් බේරී සිටිමටනම් රෙදි මුඛ ආවරණ කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත් රෙදි ස්ථර දෙකක් හෝ ඊට වැඩි ගණනක් සහිත ‍මුඛ ආවරණ හෝ ශල්‍ය මුඛ ආවරණ (N95) හෝ KN 95 මුඛ ආවරණ පැළඳිය යුතු බවත් පර්යේෂණකියන් තහවුරු වී තිබේ.

මේ බව වෝල් ස්ට්‍රීට් ජර්නල් නමැති ජාත්‍යන්තර සඟරාවක සඳහන් කර ඇත.

සෞඛ්‍ය විශේෂඥයන් පවසන්නේ ශ්‍රී ලංකාව උෂ්ණාධික එමෙන්ම තෙතමනය වැඩි රටක් වීම හේතුවෙන් රෙදි මුඛ ආවරණ මෙරට ඇති කිසිදු කොරෝනා වයිරස ප්‍රභේදයකින් බේරී සිටීමට ප්‍රමාණවත් නොවන බවයි.

ඔමික්‍රෝන් වයිරසය සඳහා නිරාවණය නොවීමට නම් N 95, KN 95, KF 94 සහ FFP 2 යන මුඛ ආවරණ පැළඳීම අවශ්‍ය බව මේ ගැන පර්යේෂණ කළ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විශේෂඥවරු කියති.

Related articles

Recent articles

spot_img