-5.9 C
New York

ගාල්ල දැඩි අවදානමක. ඔමික්‍රෝන් ආසාදිතයා හැමතැනම ඇවිදලා

Published:

ගාල්ලෙන් හමුවූ කොරෝනා ඔමික්‍රෝන් ආසාදිතයා ගාල්ල, උණවටුන ඇතුළු ප්‍රදේශ රැසක විවිධ ප්‍රවාහන මාධ්‍ය භාවිතා කරමින් සංචාරය කර ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මෙම පුද්ගලයා ඕමාන් ජාතිකයෙකි. හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිල Facebook පිටුවේ ඊයේ රාත්‍රී සඳහන් කර තිබුණේ හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් මෙම ආසාදිතයා හමු වී ඇති බවයි.

නමුත් ඔහුගේ තොරතුරු පරීක්ෂාකාරීමේ දී පෙනී ගොස් ඇත්තේ ඔහු අක්මීමණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් අත්තරගොඩ පිහිටි හෝටලයක නවාතැන් ගෙන සිට ඇති බවකි.

පසුගිය දෙසැම්බර් 16 වැනි දා ඕමානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇති මෙම විදේශිකයා 21 වැනි දා දිවයිනෙන් බැහැරවීම සඳහා ගුවන්තොටුපොළට ගොස් සිටිය දී කරන ලද පරීක්ෂණයකින් ඔහු ඔමික්‍රෝන් ආසාදිත බව හඳුනාගෙන තිබේ. ඒ අනුව මේ දක්වා ඔහු කොළඹ නිරෝධායන මධ්‍යස්ථානයක රඳවා සිටියි.

නමුත් මෙම විදේශිකයා ගාල්ලේ රැඳී සිටි කාලයේ දී කිසිදු සංචාරක මඟ පෙන්වන්නකුගේ සහය නොමැතිව ත්‍රී රෝද රථ සහ පොදු ප්‍රවාහන සේවා පවා භාවිතා කරමින් සංචාරය කර ඇති බවත් ඔහුගේ ආශ්‍රිතයන් ප්‍රමාණය සෙවීමට නොහැකි තරම් විශාල බවත් සෞඛ්‍ය අංශ පවසයි.

Related articles

Recent articles

spot_img