20 සම්මතයි. පක්ෂව 156යි. විපක්ෂව 65

0
114

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුවේ දී 2/3ක ඡන්දයෙන් සම්මත විය.
එහි දී පනතට පක්ෂව ඡන්ද 156ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 65කි.

පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ ඇතුළු සමගි ජනබලවේගයට සහය පළ කරන දේශපාලන පක්ෂ කිහිපයක මන්ත්‍රීවරු පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ. හිටපු ජනාධිපති, ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ සිටියේ නැත.

එම පනත් කෙටුම්පතෙහි කාරක සභා අවස්ථාව මේ වනවිට පැවැත් වේ.

ඉන් අනතුරුව තෙවනවර ඡන්ද විමසීම පැවැත් වේ.

පනතට පක්ෂව විපක්ෂයේ මන්ත්‍රිවරු වන

සමගි ජන බලවේගයේ ඩයනා ගමගේ මහත්මිය, අර්වින්ද් කුමාර් මහතා, ඉෂාක් රහ්මාන් මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නසීර් අහමඩ් මහතා, ෆයිසාල් කාසිම් මහතා, එච්.එම්.එම්.හරීස් මහතා, එම්.එස්.තව්ෆීක් මහතා සහ මුස්ලිම් ජාතික සන්ධානයේ ඒ.ඒ.එස්.එම්.රහීම් මහතා යන මන්ත්‍රීවරු අට දෙනා පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here