-5.9 C
New York

අගමැති ඉල්ලා අස්වීමේ කතාව ගැන අගමැති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

Published:

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉවත්වන බවට ප්‍රධාන මාධ්‍ය හා සමාජ මාධ්‍යවල කෙරෙන ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවක් නැතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනක් නිකුත් කරමින් කියා සිටියි.

එම නිවේදනය අද (03) උදෑසන නිකුත් කර ඇත.

එම නිවේදනයේ දැක්වෙන්නේ දින කිහිපයක සිට ගෙන යන මේ ප්‍රචාරය රටේ ජනතාව නොමඟ යවන දෙයක් බවයි. එවැනි අසත්‍ය ප්‍රචාර අග්‍රාමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රතික්ෂේප කරන බවත් අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට විසින් නිකුත් කරන ලද එම මාධ්‍ය නිවේදනයේ දක්වා ඇත.

එබැවින් එම අසත්‍ය ප්‍රචාරයට නොරැවටෙන ලෙස ද ඔහු ඉල්ලා සිටියි.

Related articles

Recent articles

spot_img