තම දරුවන් දෙදෙනකුට අමානුෂික ලෙස වදදීමේ සිද්ධියට අදාල සැකකාර පියා ඊයේ (02) රාත්‍රී හැටන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පහරදීමට ලක්වූ වයස අවුරුදු 06ක සහ 07ක පසුවන දරුවන් දෙදෙනා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කිරීමට ද කටයුතු කර ඇත.
හැටන්, කුඩාගම ජනපදයේ, සමගි මාවතේ පදිංචි සැකකරු හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශයේ කම්කරුවෙකු ලෙස සේවය කරන්නෙකි. නිතර බීමතින් සිටින ඔහු සිය බිරිඳට සහ දරුවන් සිව්දෙනාට අමානුෂික ලෙස පහරදෙන බව අසල්වැසියෝ චෝදනා කරති. මෙවැනි පහරදීම් සිදු වූ අවස්ථා කිහිපයක දී ම පොලිසිය මැදිහත් වී ඔහුට අවවාද කර ඇතත් තම සැමියාගේ හිංසා ක්‍රියා දරාගත නොහැකිව දික්කසාද වීම සඳහා බිරිඳ විසින් නඩුවක් ද ගොනුකර ඇතැයි වාර්තා වේ.
අත්අඩංගුවට ගත් සැකකරු අද (03) අධිකරණය වෙත ඉදිරිපත් කරන බවත් අධිකරණයෙන් ලැබෙන උපදෙස් අනුව ඉදිරියේ දී දරුවන් සම්බන්ධයේන තීරණයක් ගන්නා බවත් පොලිසිය පවසයි.
පියා විසින් දරුවන්ට අමානුෂික ලෙස පහරදීිමේ සිද්ධිය rata,lk ඊයේ (02) වාර්තා කළ ආකාරය මෙතැනින්