-2.1 C
New York

දියණියත්, පුතාත් නිරුවත් කර ගස්බැඳ මිරිස් ගල්වා පහරදුන් පියෙක්

Published:

දර මිටියක් ගෙන සෙල්ලම් කළැයි කෝපයට පත්වූ පියා විසින් තම දියණියක් සහ පුතකු නිරුවත් කර ගස් බැඳ සිරුරේ මිරිස් ගල්වා අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් හැටන් පොලිස් වසමේ කුඩාගම ජනපදයෙන් වාර්තා වෙයි.

මෙලෙස පහරදීමට ලක්ව ඇත්තේ වයස අවුරුදු 07ක දැරියක් සහ වයස අවුරුදු 06ක පිරිමි දරුවෙකි. නිතර බීමතින් සිටින මෙම පියා තම දරුවන්ට සහ බිරිඳට අමානුෂික ලෙස පහරදීම පුරුද්දක් කරගෙන ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

එම පවුලේ තවත් වැඩිමල් දියණියන් දෙදෙනකු සිටින අතර ඔවුන් දෙදෙනා වයස අවුරුදු 11 සහ 08 වයස්වල පසුවෙති. එම දැරියන් දෙදෙනා ද වරින් වර පහරකෑමට ලක්වුව ද ඊයේ සිදුවූ මෙම පහරදීමට ඔවුන් දෙදෙනා ලක්ව නැත.

දරුවන්ගේ කෑ ගැසීම ඇසී අසල්වාසීන් පැමිණ දරුවන් දෙදෙනා බේරාගෙන තිබිණි.

අසල්වාසීන් පවසන්නේ ඔහු ඇතැම් දිනවල දී නිවස දොරගුළු දමා බිරිඳට යකඩ පොළුවලින් පවා පහරදෙන බවයි.

මීට පෙර දිනක දියණියකට පහර දී ඇය අසළ ළිඳකට දමා සිටිය දී අසල්වාසීන් විසින් බේරාගෙන තිබිණි. ඒ අළුයම 2.00ට පමණය.

අසල්වාසීන් පවසන්නේ මේ දරුවන්ට හරිහැටි කුසට ආහාර පවා නොලැබෙන බවයි. මේ පහරදීම් ගැන පොලිසියට දැනුම් දුන්විට ඔවුන් පොලිසියට කැඳවා සමාදානයෙන් සිටින ලෙස දැනුම් දී නැවත එවන බවත් ඔහු යළි යළිත් දරුවන්ට පහරදෙන බවත් අසල්වාසීහු කියති.

Related articles

Recent articles

spot_img