-1.1 C
New York

සෙල්ෆි ගහද්දී, සැමියාගේ සහ පුතාගේ දිවි අහිමි වූ හැටි ගාල්ලේ ෆාතිමා කියයි

Published:

“තාත්තයි පුතයි ගල උඩට වෙලා සෙල්‍ෆි ගැහුවා. පුතා එකපාරටම පය ලිස්සලා පහළට වැටුණා. පුතාව බේරගන්න තාත්තාත් වතුර වළට පැන්නා. දෙන්නම නොපෙනී ගියා. දුව මේක දැකලා කෑ ගැහුවා. උදව් ඉල්ලා කෑ ගැහුවත් අවට හිටපු අය දුවගෙන එනකොට ඒ දෙන්නාම නොපෙනී ගිහින්” යැයි ගාල්ලේ සිට දෙණියාය හත්මාල ඇල්ල බැලීමට  ගිය ෆාතිමා කීවාය.

ඊයේ (01) සවස දෙණියාය හත්මාල ඇල්ලේ දිය නාමින් සිටිය දී ඇල්ලට වැටුණු පුතාත් ඔහු බේරාගැනීමට ඇල්ලට පැන්න තාත්තාත් දිය ඇල්ලේ ගිලී මියගියහ.

ගාල්ලේ, ගිංතොට, මහ හපුගල පදිංචි මෙම පවුල ජනවාරි පළමු වැනි දා විනෝදවීම සඳහා දෙනියායට ගොස් තිබිණි. මෙම අනතුරින් පියා මොහොමඩ් තාහීර් මොහොමඩ් මන්සාර් (48) සහ මොහොමඩ් මන්සාර් මොහොමඩ් මාහීර් (16) මියගියහ.

මව මොහොමඩ් සලාබ්දීන් ෆාතිමා (42) පවසන්නේ පවුලේ අය සතුටින් තැබීමට අවශ්‍ය වූ තම සැමියා මෙලෙස දෙණිය‍ායේ හත්මාලේ ඇල්ල බැලීමට පැමිණීමට උනන්දු වූ බවයිි. එහි පැමිණි පසු දියණියන් දෙදෙනා සමඟ තමන් පසෙකින් සිටිය දී පුතා සමඟ සිය සැමියා දිය නෑමට යැයි පවසමින් ඇල්ලේ පහළට ගිය බවත් එහි දී මේ අනතුර සිදුවූ බවත් ඇය කීවාය.

එම ස්ථානය අඩි 40ක් පමණ ගැඹුරු බවත් කිසිවෙකු හෝ එහි වැටුණු විට ගිලී වළ තුළම කැරකෙමින් තිබෙන බවත් මළ සිරුර ගොඩට ගැනීමට නොහැකි වුවහොත් එය ගොඩට එන්නේ දින තුනකින් බවත් ප්‍රදේශවාසීහු කියති.

ඔවුන් පවසන්නේ මේ ස්ථානයේ අනතුරුදායක බවට සවිකර තිබූ පුවරු පවා ඇල්ල නැරඹීමට පැමිණෙන අය විසින්ම විනාශ කර දමා ඇති බවයි.

Related articles

Recent articles

spot_img