spot_img
spot_imgspot_img

ජනාධිපතිට “ශ්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ” ගෞරව නාමය දෙමින්, රටට සෞභාග්‍ය උදාකළ ජනපතිට ගරු බුහුමන් කරන්න යැයි මහා සංඝයා ඉල්ලා සිටිති

පුවත්

විදෙස්

“ශ්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ” ගෞරව නාමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත පිරිනැමීමට අද මහාවිහාරවංශික ශ්‍රී ජයවරධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රිධර්ම මහා සංඝසභාව කටයුතු කර තිබිණි.

එම ගෞරව සම්මානය පිරිනමන ලද්දේ අද (02) සවස කෝට්ටේ රජමහා විහාර උපෝෂතාගාරයේ දී ය.

ආරක්ෂක ලේකම්වරයා ලෙස රටේ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම, නගරාලංකාරයෙන් ජන හද ඇද බැඳ ගැනීමට සමත්වීම, මඩෙහි පිපුණු නෙළුමක් සේ බහුජන ප්‍රසාදයෙන් රාජ්‍යත්වයට පත්ව කොවිඩ් වසංගතයෙන් ජන සමාජය බේරාගැනීමට නායකත්වය දෙමින් සකළ ලංකාවාසී විෂයෙහි සෘජු ගුණ ඇතිව ජන රංජනය කරමින් ශ්‍රී ලංකාද්වීපයට සෞභාග්‍ය උදාකිරීමට කටයුතු කළ හෙයින්ද මෙම ගෞරව සම්මානය පිරිනමන බව එම සන්නස් පත්‍රයේ සඳහන් වෙයි.

හත්වැනි විධායක ජනාධිපති ධූරයේ කටයුතු කරමින් බුද්ධිමත්ව, අභීතව නොපසුබස්නා ලෙසින් ශ්‍රී ලාංකීය  ජන ජීවිතය ගොඩනගමින් ආරක්ෂා කළ යුතු බවට සංඝාඥාවන් කරන බව ද පවසමින් මහා සංඝරත්නය මෙම ගෞරව නාමය පිරිනමන අවස්ථාවේ දී කියා සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට හිතෛශීව සහ විශ්වාසවන්තව සකළ සත්පුරුෂ ශ්‍රී ලාංකීය ජනතාව විසින් බහුමන් කළ යුතු බවයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය ඉත්තෑපානේ ධර්මාලංකාර හිමියන් සහ මහචාර්ය කොටපිටියේ රාහුල හිමියන් මෙම ගෞරව නාමය පිරිනැමීමේ සන්නස් පත්‍රයට අත්සන් තබා ඇති බව ද ප්‍රකාශ කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!