-5.2 C
New York

විදෙස් රටවල ඉගෙන ගන්නා ශ්‍රී ලාංකික දරුවන් අමාරුවේ

Published:

විදෙස් රටවල අධ්‍යාපනය ලබමින් සිටින දරුවන්ට අවශ්‍ය පාඨමාලා ගාස්තු ගෙවීමට සහ වෙනත් අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් මුදල් යැවීමට නොහැකිවීමෙන් එම දරුවන් ද දෙමාපියෝ ද දැඩි අසීරුතාවකට පත්ව සිටිති.

මෙම මුදල් යැවීම් බැංකු සඳහා සිදුකෙරුණු අතර මේ වනවිට රට මුහුණ දී ඇති ඩොලර් හිඟය හේතුවෙන් බැංකුවලට මුදල් ලබාදුන්න ද බැංකුවලින් එම දරුවන්ට ඩොලර් යැවීමට නොහැකි වී ඇත.

නව වසර ආරම්භයත් සමඟ විදෙස් විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන දරුවන්ට පාඨමාලා ගාස්තු ගෙවීමට සිදුව ඇත. එමෙන් ම ඔවුන්ගේ එදිනෙදා වියදම් සඳහා ද මුදල් නොමැතිවීම බරපතල ගැටලුවක් වී තිබේ.

Related articles

Recent articles

spot_img