ලෝකය පුරා ඔමික්‍රෝන් ව්‍යාප්තිය වේගවත් වීමත් සමඟම කොරෝනා ආසාදිතයන් අතර ඉන්ෆ්ලුවන්සා තත්වයක් ද පැතිරයන බව වාර්තා වී තිබේ.
මේ අතර කොරෝනා සමඟ ඉන්ෆ්ලුවන්සා ද ඇතිවීමෙන් මානව ප්‍රතිශක්තීකරණ පද්ධතියේ දරුණු බිඳවැටීමක් සිදුවන බවත් හඳුනාගෙන ඇත. එවැනි රෝගියකු මුල්වරට හඳුනාගෙන ඇතතේ ඊශ්‍රායලයෙනි. එම තත්වය “ෆ්ලෝරෝනා” ලෙස හඳුනාගෙන ඇත.
දරු ප්‍රසූතියක් සඳහා රෝහල්ගත කළ ගැබිනි මවකගෙන් මේ තත්වය මුල්වරට හඳුනාගෙන ඇත.
වෛද්‍යවරු පවසන්නේ ඔමික්‍රෝන් ආසාදිතයන් වැඩිවීමත් සමඟ මෙය වාර්තා වුව ද එය අලුත් තත්වයක් නොවන බවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ මේ රෝග දෙකම එකවර හටගත හැකි බවයි. මේ තත්වයෙන් ගැලවී සිටීමට හැකි එකම ක්‍රමය වන්නේ එන්නත් කිරීම බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.
“මෙම තත්වය ශරීරය තුළ විනාශයක් ඇති කළ හැකි වගේම එය වෙනත් රොගවලට ද හේතුවිය හැකියි. ඉන්ෆ්ලුවන්සා තත්වය හේතුවෙන් උග්‍ර ශ්වසන අපහසුතා ඇතිවන අතරම, නිවුමෝනියා තත්වය ද වේගවත් කරනු ඇත. එමෙන්ම ඉන්ද්‍රිය ක්‍රියාවිරහිත වීම, හෘදයාබාධ හෘදයේ හෝ මොළයේ දැවිල්ල පවා ඇති වීමට ඉඩ තිබේ.