-4.8 C
New York

පිය පුතු දෙදෙනා හත්මාලේ ඇල්ලේ දී නොඑන ගමන් යයි

Published:

දෙණියාය හත්මාලේ ඇල්ලේ දිය නෑමට ගිය පියකු සහ පුතෙකු අද (01) සවස ඇල්ලට ඇද වැටී මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ගාල්ලේ ගිංතොට, මහ හපුගල ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පියකු සහ 16 හැවිරිදි පුතෙකි.

පුතා ජංගම දුරකථනයකින් සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යාමේ දී ඇල්ලට ඇදවැටී ඇති අතර පුතා බේරාගැනීමට ඔහුගේ පියා ඇල්ලට පැන තිබේ.

දෙදෙනාම ජලයේ ගිලී නොපෙනී ගිය අතර පසුව ප්‍රදේශවාසීන් ද එක්ව මළ සිරුරු සොයාගෙන තිබිණි.

පොලිසිය පවසන්නේ ඔවුන් වැටුණු ස්ථානයේ අඩි 40ක් පමණ ගැඹුරු වළක් පවතින බවයි.

ගිංතොට පදිංචි මෙම පියා, පුතා, මව සහ දියණියන් දෙදෙනා විනෝදය සඳහා මෙහි පැමිණ ඇති බව ද දැනගන්නට ඇත.

Related articles

Recent articles

spot_img