-5.9 C
New York

රිච්මන්ඩ් ක්‍රීඩකයෝ දකුණේ ජයකෙහෙළි නංවති

Published:

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කළ සත් සාමාජික රග්බි තරඟාවලියෙය් දකුණු පළාත් ශූරතාව දිනාගැනීමට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයීය කණ්ඩායම ඊයේ (31) සමත්විය.

මෙම තරඟාවලියේ දකුණු පළාත් අනුශූරතාව ගාල්ල ශාන්ත ඇලුවීෂියස් විදුහලට හිමිවිය.

කණ්ඩායම් හතක සහභාගීත්වයෙන් මෙම තරඟාවලිය ගාල්ල ශාන්ත ඇලුවීෂියස් විද්‍යාලයී ක්‍රීඩාපිටියේ දී පැවැත්විණි.

අවසන් තරඟයේ රිච්මන්ඩ් කණ්ඩායම ලකුණු 21ක් ලැබූ අතර ඇලුවීෂියස් කණ්ඩායමට ලබාගත හැකි වූයේ ලකුණු 07

පළමු අර්ධය අවන්වන විට ලකුණු 14-7ක් ලෙස ඉදිරියෙන් සිටි රිච්මන්ඩ් විද්‍යාලය එම අර්ධයේ දී ගෝල දිනුම් 02ක් ලබා සිටි අතර ඇලුවීෂියස් කණ්ඩායම එක් ගෝල දිනුමක් ලබා සිටියේය. දෙවැනි අර්ධයේ දී තවත් ගෝල දිනුමක් වාර්තා කළ රිච්මන්ඩ් කණ්ඩායම ඇලුවීෂියස් කණ්ඩායමට ලකුණු ලබාගැනීමට අවස්ථාවක් දුන්නේ නැත.

මූලික වටයේ දී දෙබරවැව ජාතික පාසල ලකුණු 77-00ක් ලෙස ද රත්ගම දේවපතිරාජ විද්‍යාලය 29-00ක් ලෙස ද පරාජය කළ රිච්මන්ඩ් ක්‍රීඩකයෝ මාතර ශාන්ත සර්වේශස් කණ්ඩායමට එරෙහිව නිතරඟ ජයක් ලබාගනිමින් අවසන් තරඟයට සුදුසුකම් ලැබීය.

මාතර රාහුල විද්‍යාලය 07-05ක් ලෙසත්, ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය 60-00ක් ලෙසත් ගාල්ල මහින්ද විද්‍යාලය 24-00ක් ලෙසත් පරාජයට පත්කළ ඇලුවීෂියස් කණ්ඩායම අවසන් තරඟයට සුදුසුකම් ලබා තිබිණි.

මෙම තරඟාවලියේ දී පළඟ ශූරතාව දිනාගැනීමට රත්ගම දේවපතිරාජ විද්‍යාලය සමත් වූ අතර ඔවුන් හමුවේ ලකුණු 17-00ක් ලෙස මාතර රාහුල විදුහල් කණ්ඩායම පරාජයට පත්විය. බඳුන ශූරතවා ගාල්ල මහින්ද විද්‍යාලයීය කණ්ඩායම දිනාගත් අතර ඔවුන් හමුවේ දෙබරවැව ජාතික පාසල ලකුණු 39-00ක් ලෙස පරාජයට පත්විය.

Related articles

Recent articles

spot_img