සිමෙන්ති කිලෝ ග්‍රෑම් 50 බෑගයක් යළි රුපියල් 100.00කින් ඉහළ දැමූ බව දේශීය සිමෙන්ති නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි.
අද (01) වැනි දා සිට මෙය ක්‍රියාත්මක වෙයි. එ් අනුව කිලෝ ග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1,375.00ක් බවට පත්විය. සිමෙන්ති නිෂ්පාදකයන් පවසන්නේ පසුගිය වසරක පමණ කාලයක දී වරින් වර සිමෙන්ති කොට්ටයක් රුපියල් 400.00කින් පමණ ඉහළ දැමීමට සිදුවූ බවයි.
සිමෙන්ති මිල රජය විසින් පාලන මට්ටමක පවත්වාගෙන ගිය අතර මේ වනවිට රජය සිමෙන්ති මිල පාලනය කිරීම අතහැර දමා තිබේ. ඒ අනුව නිෂ්පාදන සමාගම් එහි මිල තීරණය කරයි.
කෙසේ වෙතත් වෙළෙඳ පොළෙහි සිමෙන්ති කොට්ටයක් රුපියල් 1,500ට පවා මීට පෙර අළෙවි විය. ඉදිකිරීම් ආයතන පවසන්නේ වෙළෙඳ පොළේ දැඩි සිමෙන්ති හිගයක් පවතින බවයි. අළෙවි ආයතනද සිමෙන්ති නිකුත් කිරීම සීමා සහිත කර තිබේ.



