spot_img
spot_imgspot_img

ලෙඩ හදාගන්න එපා. ඩොලර් නෑ. බෙහෙත් නෑ

පුවත්

විදෙස්

ඩොලර් හිඟය හේතුවෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ පවා ආනයනය කිරීමට නොහැකිවීමත් සමඟම ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟයක් ඇතිවන බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පවසා ඇත්තේ ඉදිරි මාස තුන හතර ඇතුළත රජයේ රෝහල්වලට අත්‍යාවශ්‍ය ඖෂධ සහ ශල්‍යාගාරවල භාවිතා කරන ද්‍රව්‍ය හිඟයක් ඇති වීමේ අවදානමක් පවතින බවකි.

ඖෂධ නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂවරයා විසින් ඖෂධ නිෂ්පාදන සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍යාංශ‍යේ ලේකම්වරයාට යැවූ ලිියකින් මේ බව තහවුරු වෙයි.

එම ලිපිය මගින් ලේකම්වරයාට දැනුම් දී ඇත්තේ දැනටමත් ණයවර ලිපි 72කට ගෙවීම් කළ නොහැකිව පවතින බවයි. ඇතැම් ණයවර ලිපි කාලය ඉක්මවා ගොස් ඇති බව ද එහි සඳහන් කර තිබේ. දැනටමත් ගබඩාවල ඖෂධ සහ වෛද්‍ය උපකරණ ඉතා අඩුමට්ටමක පවතින බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂවරයා සඳහන් කර තිබේ.

එමෙන් ම ඉදිරි මාස කිහිපයේ දී එම තොග අසන් වීමේ අවදානම මඟ හැරීමට හැකියාවක් නොමැති බව ද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!