-5.9 C
New York

ගාල්ලට දින 42කට පසු කහ පැහැති ගෑස් තොග ලැබෙයි

Published:

ගාල්ල නගරය අවට ප්‍රදේශයට හෙට (31) අළුයම ලාෆ් සමාගමේ ගෘශස්ථ ගෑස් සිලින්ඩර තොගයක් ලැබෙන බවට තතුදත් ආරංචිමාර්ග පවසයි.

පසුගිය දින කිහිපයේ ම හම්බන්තොට වරායට පැමිණි ගෑස් නැවකින් ගෑස් තොග කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවලට බෙදාහැර ඇති අතර හෙට ගාල්ලට ලැබීමට නියමිතව තිබේ.

මෙලෙස කහ පැහැති සිලින්ඩරය සහිත ලාෆ් ගෑස් ගාල්ලට සපයනු ලබන්නේ දින 42කට පසුව බව ද ලාෆ් සමාගමේ ප්‍රකාහකයකු කිවේය.

කෙසේ වෙතත් ලාෆ් සමාගම නිවේදනය කර තිබෙන්නේ තම සමාගම මගින් නිකුත් කර ඇති පැරණි සිලින්ඩරවල ඇති ගෑස් ප්‍රමාණය කිරා බලා භාරගෙන නව සිලින්ඩර ලබාදීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් දැනටමත් ගෑස් බෙදාහැරීමේ නියෝජිත ආයතනවලට සහ අළෙවි නියෝජිතයන්ට උපදෙස් ලබා දී ඇති බවයි.

ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්.වෑගපිටිය සඳහන් කළේ ලාෆ් ගෑස් පැරණි සිලින්ඩර විශාල විශාල තොගයක් එකතුකිරීමට නැති වුව ද අධිකරණය දුන් නියෝගය මත මෙය සිදුකරන බවයි.

ලාෆ් සමාගමෙන් ලැබෙන ගෑස් තොගය ගාල්ල ප්‍රධාන බෙදාහැරීමේ මධ්‍යස්ථානයට අලුයම ලැබෙන බවත්. හෙට (31) උදෑසන එම තොග ගාල්ල නගරය අවට අළෙවි නියෝජිතයන්ට බෙදාහැරීමට සූදානම් කර ඇති බවත් වාර්තා වෙයි.

කෙසේ වෙතත් පාරිභෝගිකයන් පවසන්නේ එම ගෑස් තොග ලැබුණු විට ඒවා තම හිතවතුන්ට සහ ව්‍යාපාරිකයන් වෙත බෙදා දීමට ඇතැම් අළෙවි නියෝජිතයන් දැනටමත් සැළසුම් කර තිබෙන බවයි.

Related articles

Recent articles

spot_img