-2.1 C
New York

කොටස් වෙළෙඳ පොළ සමාගම්වල කොටස් වටිනාකම රුපියල් බිලියන 5,382ක් වෙයි

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (30) දිනයේ ගනුදෙනු 59,602ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 6,459ක් බවට පත්විය.

අද දිනයේ දී පමණක් සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 104කින් ඉහළ ගිය අතර එය දිනය අවසානයේ ඒකක 12,019ක් බවට පත්විය.

වැඩිම පිරිවැටුමක් සහිතව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර, එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 815යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 546යි, සමූපකාර රක්ෂණ සමාගම රුපියල් මිලියන 407යි ලෙස ද, වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර එස්එන්බී ලීසිං (X) කොටස් මිලියන 128යි, සමූපකාර රක්ෂණ සමාගම කොටස් මිලියන 92යි, එස්එන්බී ලීසිං කොටස් මිලියන 56ක් ලෙස ද ගනුදෙනු විය.

කොළඹ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම් අතර රුපියල් බිලියයන 724ක වත්කම් වාර්තා කළ එක්ස්පෝ ලංකා සමාගම පළමු ස්ථානයට ද, රුපියල් බිලියන 537ක් වාර්තා කළ එල්ඕඑල්සී සමාගම දෙවැනි ස්ථානයට ද ‍බිලියන 209ක් වාර්තා කළ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම දෙවැනි ස්ථානයට ද පත්විය.

සංවෘත කවය තුළ කොටස් ගනුදෙනු වූ සමාගම් අතර මෙල්ස්ටා ක්‍රොප් සමාගම කොටස් මිලියන 02ක් රුපියල් 55.00 බැගින් ද, කමර්ෂල් බැංකුව කොටස් මිලියන 3.9ක් රුපිියල් 79.00 බැගින් ද, රෝයල් සෙරමික් සමාගම කොටස් ලක්ෂ 05ක් රුපියල් 74.40 බැගින් ද එල්ඕඑල්සී සමාගම කොටස් 32,000ක් රුපියල් 1,165.00 බැගින් ද බුකිට්ධාරා සමාගම කොටස් 50,000ක් රුපියල් 400.00 බැගින් ද හුවමාරු විය.

වැඩිම ප්‍රතිශතයකින් මිල ඉහළ ගිය සමාගම් අතර අද ගනුදෙනු ආරම්භ කළ සමූපකාර රක්ෂණ සමාගම 30%කින් ද,  සිලෝන්‍ හොටෙල් කෝපරේෂන් සමාගම 24%කින් ද, බේරුවල හෝටල් සමාගම 23%කින් ද කොටස් මිල ඉහළ යාම කැපී පෙණිනි.

විදේශීය ආයෝජකයන් විසින් රුපියල් මිලියන 44ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 245ක කොටස් විකුණා තිබේ. ඒ අනුව අද දිනයේ දී පමණක් විිදේශීය ආයෝජකයන් විසින් රුපියල් මිලියන 201ක මුදලක් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත් කරගෙන ඇත.

2021 වර්ෂයේ අද දිනය දක්වා කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් විදේශීය ආයෝජකයන් විසින් ඉවත් කරගෙන ඇති සම්පූර්ණ මුදල රුපියල් බිලියන 52.606කි.

විදේශීය ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම් අතර හේලීස් සමාගම රුපියල් මිලියන 8.9යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 4.7යි, එන්ඩීබී බැංකුව රුපියල් මිලියන 3.8යි, ටෙක්ස්චර්ස් ජර්සි සමාගම රුපියල් මිලියන 3.6යි, ප්‍රයිම් ලෑන්ඩ් සමාගම රුපියල් මිලියන 3.4යි ලෙස ද, විදේශීය ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 110යි, බුකිට්ධාරා සමාගම රුපියල් මිලියන 44යි, ෆ්‍රීඒකර් ෆාම් සමාගම රුපියල් මිලියන 18යි, සිලෝන් හොටෙල් කෝපරේෂන් රුපියල් මිලියන 8.6යි, සන්ෂයින් හෝල්ඩින් සමාගම රුපියල් මිලියන 08යි ලෙස ද ප්‍රමුඛ විය.

මෙම වසරේ දෙසැම්බර් 31 වැනි දිනය දක්වා කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි මූලික කොටස් නිකුතු මගින් කොටස් ගනු දෙනු සඳහා එක්වන සමාගම් වෙත බදු සහන රාශියක් ලබා දී තිබූ අතර ඒ අනුව 2021 වර්ෂයේ අවසාන මූලික කොටස් නිකුතුව ලෙස එල්ඕඑල්සී රක්ෂණ සමාගමේ කොටස් හෙට දිනයේ කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි ගනුදෙනුවීමට නියමිතව තිබේ.

මෙලෙස මූලික කොටස් නිකුතු ඉදිරිපත් කිරීම තුළින් මේ වසරේ දී පමණක් කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි සියලු සමාගම්වල වටිනාකම රුපියල් බිලියන 100ට අධික මුදලකින් ඉහළ ගොස් ඇති අතර අද දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳ පොළ සියලු සමාගම්වල කොටස් වටිනාකම රුපියල් බිලියන 5,382ක් ඉක්මවීය.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

Related articles

Recent articles

spot_img