spot_img
spot_imgspot_img

හාල් තොග, ඩොලර් නැති නිසා වරායේ හිරවෙයි. අතිරික්ත තොග අවසන්

පුවත්

විදෙස්

මෙරටට ආනයනය කර ඇති සහල් මෙට්‍රික් ටොන් 10,000කට වැඩි ප්‍රමාණයක් නිදහස් කරගත නොහැකිව වරායේ සිරවී ඇතැයි අත්‍යාවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න පවසයි.

සහල් අඩංගු කන්ටේනර් 300කට වැඩි ප්‍රමාණයක් මෙලස හිරවී ඇත්තේ නිදහස් කරගැනීමට අවශ්‍ය ඩොලර් නොමැතිවීමෙන් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. එම සහල් අතර නාඩු සහල්, පොන්නි සම්බා, කැකුළු සහල් ඇතුළු වර්ග කිහිපයක ම සහල් ඇති බව ද හෙතෙම පවසයි.

ඔහු පවසන්නේ දැනට ආනයනකරුවන් සතුව ඇති සහල් රටේ සෑම ප්‍රදේශයකටම බෙදාහරින බැවින් සහල් අතිරික්තයක් නොමැති බවයි. මෙම සහල් තොග ඉක්මණින් නිදහස් කර‍ නොගතහොත් ගැටලු සහගත තත්වයක් ඇතිවීමට ඉඩ තිබෙන බව ද එම සංගමය පෙන්වාදෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!