spot_img
spot_imgspot_img

සපුගස්කන්ද යළි ජනවාරි අවසානය දක්වා වසා දමයි. බොරතෙල් නෑ

පුවත්

විදෙස්

මිල දී ගැනීම් සඳහා ඇමෙරිකානු ඩොලර් නොමැතිවීම හේතුවෙවන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව ලබන ජනවාරි 03 වැනි දා සිට යළි තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව බලශක්ති අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.

එම නිවේදනයේ දැක්වෙන්නේ අවශ්‍ය බොර තෙල් තොග ලබාගැනීමෙන් අනතුරුව ජනවාරි 30 වෙනිදාට පෙර යළි සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි.

තෙල් පිරිපහදු කටයුතු නවතා දැමුව ද ඉන්ධන හිඟයක් රටතුළ ඇති නොවන බව ද අමාත්‍ය උදය ගම්මම්පිළ පවසයි. ශ්‍රී ලංකාව දිගුකාලීන බොරතෙල් සැපයීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කර ඇත්තේ සිංගප්පූරු සමාගමෙන් නැවත බොරතෙල් මෙරටට ලැබීමට නියමිතව ඇත්තේ ජනවාරි 26 වැනි දා ය. මිල දී ගැනීමේ ක්‍රියාවලියේ දී සපුගස්කන්ද පිරිපහදුවට අවශ්‍ය මර්බන් වර්ගයේ බොරතෙල් මිල දී ගැනීමට දින 90කට පෙර අදාල සමාගමට දැනුම් දීම අවශ්‍ය වේ.

බලශක්ති අමාත්‍යාංශය පවසන්නේ විකල්ප බොරතෙල් මිලදී ගැනීම ද විදේශ විනිමය නොමැතිවීම නිසා ව්‍යර්ථ වූ බවයිි. එමෙන් ම ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම්වල පහළට වැටී ඇති හෙයින් ණය පදනමට බොරතෙල් ලබාගැනීමට ද අපහසු වී ඇත.

බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරන්නේ රටේ තෙල් අවශ්‍යතාවයෙන් පෙට්‍රල් 14%ක් සහ ඩීසල් 29%ක් සපුගස්කන්දේ තෙල් පිරිපහදුවෙන් සැපයෙන බවයි.

මීට පෙර නොවැම්බර් මස 15 වැනි දා සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු දින කිහිපයකට තාවකාලිකව නවතා දැමිණි. නමුත් එදින මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් උදය ගම්මම්පිළ අමාත්‍යවරයා කියා සිටියේ මෙලෙස සපුගස්කන්ද තෙල්

එමෙන්ම හදිසි මිලදීගැනීම් ලෙස විකල්ප බොරතෙල් මිලදී ගැනීමද විදේශ විනිමය හිඟය නිසා ව්‍යර්ථ වූ බව බලශක්ති අමාත්‍යාංශය පැවසීය.

ඒ අනුව ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම්වල පහළට වැටී ඇති හෙයින් ණය පදනම් බොර තෙල් මිලදී ගැනීම ද දුෂ්කර වී ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් සපයනුයේ රටේ පෙට්‍රල් අවශ්‍යතාවයෙන් 14% සහ ඩීසල් 29% පමණි.

බොරතෙල් තොග නොමැතිවීම හේතුවෙන් මීට පෙර නොවැම්බර් මස 15 වන දින සිට ද සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු දින කිහිපයක් තාවකාලිකව නතර කර තිබුණි. එම අවස්ථාවේ දී උදය ගම්මම්පිළ අමාත්‍යවරයා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියේ ‍තෙල් පිරිපහදුව තාවකාලිකව වසා දමන්නේ ඩොලර් ඉතිරිකිරීට වුව ද එය සිදුකරන්නේ බොර තෙල් ගෙන්වා පිරිපහදු කිරීමට වඩා සෘජුවම පෙට්‍රල් සහ ඩීසල් ගෙන්වා බෙදා හැරීම වඩාත් ලාභදායී වීම හේතවෙන් බවයි.

නමුත් අද ඔහුගේ අමාත්‍යාංශයම නිවේදනයක් නිකුත් කරමින් සත්‍ය තත්වය පවසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!