-4.8 C
New York

කොටස් වෙළෙඳ පොළට බදු සමා පනතෙන් සහ අයවැයනේ ලැබුණු සහන 31 වැනි දා අවසන්

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (29) ගනුදෙනු 51,218ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 5,845ක් බවට පත්විය.

ඒ අනුව සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 7.48කින් ඉහළ ගිය අතර දිනය අවසානයේ 11,915ක් ලෙස සටහන් විය.

වැඩිම පිරිවැටුමක් සහිතව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 482යි, මෙල්සටාක්‍රොප් සමාගම රුපියල් මිලියන 450යි, එස්එන්බී ලීසිං සමාගම රුපියල් මිලියන 326ක් ලෙස ද වැඩිම කෙටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර එස්එන්බී ලීසිං (X) කොටස් මිලියන 452යි, එස්එන්බී ලීසිං කොටස් මිලියන 147යි, ඉන්ඩස්ට්‍රියල් ඇක්සහෝල් කොටස් මිලියන 28ක් ලෙස ප්‍රධාන විය.

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර එස්එන්බී ලීසිං (X) 40%කින් ද උඩුපුස්සැලාව සහ මස්කෙළිය වැවිළි සමාගම් 25% බැගින් ද කොටස් මිල ඉහළ යන ලදී.

සංවෘත කවය තුළ කොටස් ගනුදෙනු වූ සමාගම් අතර මෙල්ස්ටාක්‍රොප් සමාගම කොටස් මිලියන 08ක් රුපියල් 55.00 බැගින් ද, කොමර්ෂල් බැංකුව කොටස් මිලියන 4.3ක් රුපියල් 78.50 බැගින්ද, රෝයල් සෙරමික් සමාගම කොටස් 575,000ක් රුපියල් 74.00 බැගින් ද, සිංහපුත්‍ර ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 4.95ක් රුපියල් 24.00 බැගින් ද හුවමාරු විය.

අද දිනයේ ද කොළඹ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම ලෙස බිලියන 729ක වත්කම් වාර්තා කළ එක්ස‍්පෝ ලංකා සමාගම පළමු ස්ථානයට ද, බිලියන 532ක් වත්කම් වාර්තා කළ එල්ඕඑල්සී සමාගම දෙවැනි ස්ථානයට ද, බිලියන 202ක් වත්කම් වාර්තා කළ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම තෙවැනි ස්ථානයට ද පත්විය.

විදේශ ආයෝජකයන් විසින් රුපියල් මිලියන 126ක කොටස් මිල දී ගෙන ඇති අතර රුපියල් මිලියන 511ක කොටස් විකුණා තිබේ.

ඒ අනුව අද දිනය තුළ දී පමණක් ශුද්ධ ලෙස විදේශීය ආ‍යෝජකය් විසින් රුපියල් මිලියන 385ක මුදලක් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත් කරගෙන ඇත.

2021 වර්ෂයේ අද දිනය දක්වා පමණක් විදේශීය ආයෝජකයන් විසින් රුපියල් බිලියන 52.405ක මුදලක් කොළඹ කොටස් වෙ‍ෙළඳ පොළෙන් ඉවත්කරනෙ ඇත.

විදේශීය ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම් අතර හේලිස් සමාගම රුපියල් මිලියන 26යි, සීඅයිසී සමාගම මිලියන 24යි, කොමර්ෂල් බැංකුව මිලියන 18යි, ශ්‍රී ලංකා හෝටල් සංස්ථාව රුපියල් මිලියන 09යි, වැලිබල් වන් සමාගම රුපියල් මිලියන 07යි ලෙස ද විදේශීය ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර මෙල්ස්ටාක්‍රොප් සමාගම රුපියල් මිලියන 440යි, එච්‍ සෙනිඩ් සමාගම රුපියල් මිලියන 25යි, ඩයලෝග් සමාගම රුපියල් මිලියන 11යි, ඇල්පිටිය වැවිලි සමාගම රුපියල් මිලියන 06යි, ලංකෙම් ඩිවෙලොප්මන්ට් සමාගම රුපියල් මිලියන 03යි ලෙස ප්‍රමුඛ විය.

හෙට දිනයේ මූලික කොටස් නිකුතුවක් සිදුකළ සමූපකාර රක්ෂණ සමාගමේ කොටස් කොළඹ කොටස් වෙළෙඳ පොළේ ගනුදෙනු වීමට නියමිත අතර 2021 වර්ෂයට අදාලව ප්‍රකාශයට පත්කරන ලද අයවැය විසර්ජන පනත මගින් 2021 දෙසැම්බර් 31 ට පෙර මූලික කොටස් නිකුතු නිකුත් කරන සමාගම් වෙත අධික බදු වාසියක් ලබා දී ඇත. එමෙන් ම රජයේ බදු සමා පනත යටතේ මූලාශ්‍ර හෙළිදරව් නොකළ ආදායම් කොටස් වෙළෙඳ පොළෙහි ආයෝජනය කිරීම සඳහා ලබා දී ඇති සම්පූර්ණ කාල සීමාව 2021-12-31 දිනයෙන් අවසන් වීමට නියමිතය.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොාඩ)

Related articles

Recent articles

spot_img