ගෑස් සිලින්ඩර හා ඒ ආශ්‍රිත පිපිරීම් සහ ගිනිගැනීම් හේතුවෙන් පාරිභෝගිකයන් වෙත නිකුත් කර ඇති ප්‍රමිතියකින් තොර සිලින්ඩර නැවත කැඳවා පාරිභෝගිකයන්ට නව සිලින්ඩර ලබාදෙන ලෙස ලබාදුන් අධිකරණ නියෝගය පවා නොතකා ලිට්‍රෝ සමාගම ලේඛන ගත වංචාවක් සිදුකර තිබේ.
එම අධිකරණ නියෝගය අනුව ලිට්‍රෝ සමාගමේ ව්‍යාපාර සැළසුම් හා ජාල සංවර්ධන කළමනාකරු ගයාන් රත්නායක සිය අත්සනින් සියලුම බෙදා හරින්නන් සහ අළෙවි නියෝජිතයන් වෙත ලිපියක් නිකුත් කර තිබේ.
එම ලිපියේ දිනය සටහන් කර ඇත්තේ 2021-12-16 යනුවෙනි. චක්‍රලේඛ අංක LG/CM/CIR/21/23 යනුවෙන් එම ලිපිය අංකගත කර ඇත. එම ලිපියේ සඳහන් කර ඇත්ත් සමාගම විසින් පෙර දැනුම් දී ඇති පරිදි වෙළෙඳ සැල් තුළ ඇති නිල් සහ කලු මුද්‍රාව සහිත කිලෝ ග්‍රෑම් 12.5/5/2.3 ගෑස් සහිත ගෑස් සිලින්ඩර පාරිභෝගිකයන්ගෙන් නැවත ලබාගෙන ඒ සඳහා රතු මුද්‍රාව සහිත සමාන බරකින් යුතු සිලින්ඩර අය කිරීමකින් තොරව ලබාදිය යුතු බවයි.
එමෙන් ම මෙම කාර්යය දෙසැම්බර් 19 වැනි දිනට පෙර සිදුකළ යුතු බව ද එම ලිපියේ පැහැදිලිව දක්වා තිබේ. මෙය බැලූ බැල්මට ඉතාමත් සාධනීය ක්‍රියාවකි.
මෙලෙස ප්‍රමිතියෙන් තොර ගෑස් සිලින්ඩර නැවත එකතු කරන ලෙස අධිකරණය විසින් ලිට්‍රෝ සමාගමට දෙසැම්බර් 16 වැනි දා නියෝගයක් ලබා දී තිබිණි. එම නියෝගයට ලිට්‍රෝ සමාගමේ පාලන අධිකාරිය සිය එකඟතාව ද පළකරන ලදී. එම එකඟතාව අනුව මේ ලිපිය යොමුකරන්නට ඇත. එදා අධිකරණයේ දී එකඟ වූ කරුණුවලට පටහැනිව ලිට්‍රෝ සමාගම කටයුතු කර ඇති අතර එය අධිකරණයට අපහාස කිරීමකි.
නමුත් ලිට්‍රෝ සමාගම ඇස් පනාපිටම විශාල වංචාවක් සිදුකර තිබේ. වෙළෙඳ පොළෙහි ඇති ප්‍රමිතියෙන් තොර ගෑස් සිලින්ඩර නැවත කැඳවා පාරිභොගිකයාට සාධාරණයක් කරන ලෙසට නියෝගයක් ලැබුණ ද අළෙවි නියෝජිතයන්ට එවැනි උපදෙසක් ඊයේ (28) වැනි දා දක්වා ලැබී තිබුණේ නැත. පාරිභෝගිකයන් එවැනි ප්‍රමිතියෙන් තොර ගෑස් සිලින්ඩර අළෙවි නියෝජිතියන්ට ඉදිරිපත් කළ ද ඔවුන්ට ලැබුණු පිළිතුර වූයේ ලිට්‍රෝ සමාගමෙන් තමන්ට එවැනි උපදෙසක් ලබා දී නැති බවයි.
අළෙවි නියෝජිතයන් කියන කතාව සත්‍යයකි. ගායන් රත්නායක විසින් අත්සන් කර 2021-12-16 දිනැතිව සැකසූ ලිපියේ 19 වැනි දා වනවිට ප්‍රමිතියෙන් තොර ගෑස් සිලින්ඩර එකතුකර අවසන් කරන්න යැයි දැනුම් දුන්න ද ලිට්‍රෝ සමාගම කොළඹ ප්‍රධාන තැපැල් කාර්යාලයෙන් එම ලිපි සිය අළෙවි නියෝජිතයන් වෙත ලියාපදිංචි තැපෑලෙන් යවා ඇත්තේ 2021-12-27 වැනි දින දී ය .
පහත ඡායාරූපයේ එම ලිපියේ මුද්‍රාවේ දිනය පැහැදිලිව දැකගත හැකිය. මේ ලිපිප බොහොමයක් අළෙවි නියෝජිත ආයතන වෙත ලැබී ඇත්තේ අද (29) දිනයේ දී ය.

මෙය සැළසුම් සහගතව සහ හිතාමතා සිදුකරන ලද වංචාවක් බව පැහැදිළිය.
මෙම ලිපිය ප්‍රමාද කර යැවීමෙන් ලිට්‍රෝ සමාගමේ ගෑස් සිලින්ඩර ලබාගත් පාරිභෝගිකයන්ට ප්‍රමිතියට ඇතැයි පවසන ගෑස් සිලින්ඩර ලබාගැනීට තිබූ අවස්ථාව මගහැරී ගොස් ඇත.
රාජය සතු ආයතනයක් වන ලිට්‍රෝ සමාගම මේ ආකාරයෙන් ක්‍රියාත්මක වන්නේ රටේ තම වෙළෙඳ නියෝජිතයන් පමණක් නොව රටේ ජනතාවත් නොමඟ යවමින් අධිකරණ නියෝගයකට තුට්ටුවකට හෝ මායිම් නොකරමින් අධිකරණයට ද අපහාස කරමිනි.
මේ පිළිබඳ පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පමණක් නොව අනෙක් සියලු වගකිව යුතු ආයතනවල අවධානය යොමුවිය යුතුය.
(මෙම පුවත සම්බන්ධයෙන් කිසියම් ආයතනයකට හෝ පුද්ගලයකුට යම් අගතියක් සිදුවන්නේ යැයි හැෙඟෙන්නේ නම් ඔවුන්ගේ පැහැදිළි කිරීම් හෝ කරුණු දැක්වීම් මේ හා සමාන ඉඩක් ලබා දී පළකිරීමට අප
නියෝජිත ආයතන වෙත යැවූ ලිපිය පහතින්

