-0.3 C
New York

මියන්මාරයේ ප්‍රහාරයකින් 35ක් මරුට; හමුදාවට චෝදනා

Published:

මියන්මාරයේ නැගෙනහිර කයාහ් ප්‍රාන්තයේ එල්ල වූ ප්‍රහාරයකින් 35 දෙනකුට වැඩි පිරිසක් මියගොස් ඇතැයි සේව් ද චිල්ඩ්රන් ආයතනය පවසයි. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ සේව් ද චිල්ඩ්රන් කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනකු ද මියගිය අය අතර සිටින බවයි.

මියගිය අය අතර කාන්තාවන්, ළමුන් සහ මහලු අය ඇතුළු විශාල පිරිසක් සිටින බව සඳහන් වේ.

මෙය මියන්මාර හමුදාව විසින් සිදුකරන ලද්දක් බවට ඔවුහු චෝදනා කරති.

හමුදාව ඔවුන්ගේ මෝටර් රථවලින් මිනිසුන් බලහත්කාරයෙන් ගෙන ගොස් ඇති අතර, ඔවුන්ගෙන් සමහරක් අත්අඩංගුවට ගෙන තවත් අය මරා දමා ඔවුන්ගේ සිරුරු පුළුස්සා දැමූ බව ඔවුහු පවසති.

මියන්මාර හමුදාව එම ප්‍රකාශ ප්‍රතික්ෂේප කර ඇත.

සේව් ද චිල්ඩ්රන් ප්‍රකාශ කළේ ඝාතනයට ලක්වූ කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනා දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් කටයුතු කරන අය බවයි. ඔවුන් මානුෂීය කටයුතු සිදු කර නිවාඩුවට නිවෙස් බලා යමින් සිටියහ.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් කියා සිටියේ ප්‍රහාරයට හමුදාව වගකිව යුතු බවයි. මියන්මාර හමුදාවට ආයුධ විකිණීම තහනම් කරන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.

පෙබරවාරි මාසයේදී මිලිටරිය විසින් පාලනය අත්පත් කරගත් දා සිට මියන්මාරය පුරා මහජන විරෝධතා සිදුවී ඇත.

තේරී පත් වූ නායිකා අවුන් සාන් සූ කී සහ ඇගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගයේ (එන්එල්ඩී) සාමාජිකයන් ද රඳවා සිටින අය අතර වේ.

https://www.bbc.com/news/world-asia-59810706

Related articles

Recent articles

spot_img