spot_img
spot_imgspot_img

ඔම්ක්‍රෝන්, ඇමරිකාව හා ප්‍රංශයේ වැඩිම රෝගීන් සංඛ්‍යාව වාර්තා කරයි

පුවත්

විදෙස්

සීග්‍රයෙන් ව්‍යාප්ත වන ඔමික්‍රෝන් ප්‍රබේදය හේතුවෙන් ඇමරිකාවේ හා ප්‍රංශයේ මෙතෙක් හමුවූ වැඩිම දෛනික කොරෝනා රෝගීන් සංඛ්‍යාව වාර්තා කර තිබේ.

ඇමරිකාවේ රෝග හා වැළැක්වීමේ මධ්‍යස්ථානයට අනුව සඳුදා (27) දින නව ආසාදන 440,000 කට වඩා වාර්තා විය.

කෙසේ වෙතත්, නිලධාරීන් පැවසුවේ නත්තල් සමයේ වාර්තා කිරීමේ ප්‍රමාදයන් හේතුවෙන් මෙම සංඛ්‍යා “අධි තක්සේරුවක්” විය හැකි බවයි.

මේ අතර ප්‍රංශය, යුරෝපයේ මෙතෙක් වාර්තා වූ වැඩිම දෛනික රෝගීන් සංඛ්‍යාව වාර්තා කළේය.

අඟහරුවාදා එය ආසාදන 179,807 ක් දුටු අතර, ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍ය ඔලිවියර් වේරාන් කලින් අනතුරු ඇඟවූයේ ප්‍රංශයේ ජනවාරි ආරම්භය වන විට දෛනික රෝගීන් 250,000 ක් පමණ දැකිය හැකි බවයි.

කෙසේවෙතත් ඇමරිකාවේ, නත්තල් කාලය තුළ පරීක්ෂණ සහ පරීක්ෂණ මධ්‍යස්ථාන වසා දැමීම නිසා ඇතිවූ ප්‍රමාදයන් හේතුවෙන් මෙම සංඛ්‍යාව “අධි තක්සේරුවක්” විය හැකි බවත්, සිද්ධි ගණන “නව වසරෙන් පසු වඩාත් ස්ථාවර වනු ඇති” බවත් පැවසේ.

ඉතාලිය, ග්‍රීසිය, පෘතුගාලය සහ එංගලන්තය ද අඟහරුවාදා විශාල ලෙස රෝගීන් ඉහල යාමක් වාර්තා කළේය.

එය පැමිණෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO), Omicron ප්‍රභේදයේ අවදානම “ඉතා ඉහළ මට්ටමක පවතින” බවට අනතුරු ඇඟවීමත් සමගය.

අඟහරුවාදා ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවට අනුව, දෙසැම්බර් 26 ට පෙර සතිය තුළ යුරෝපයේ සියලුම ප්‍රබේද වල නව කොවිඩ් ආසාදන සංඛ්‍යාව 57% කින් සහ ඇමරිකාවේ කලාපයේ 30% කින් වර්ධනය විය.

අධ්‍යයන වලින් පෙනී යන්නේ ඕමික්‍රෝන් ප්‍රබේදය ඩෙල්ටා ප්‍රබේදයට වඩා මෘදු වන අතර, ආසාදිත පුද්ගලයින් රෝහල්ගත වීමේ සම්භාවිතාව අඩු බවයි. නමුත් ඔමික්‍රෝන් ප්‍රබේදයේ අධික ලෙස බෝවන තත්ත්වය හේතුවෙන් රෝහල් වල ධාරිතාවය ඉක්මවා යා හැකි බවට බියක් ද පවතී.

https://www.bbc.com/news/world-59814661

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!