-2.1 C
New York

එංගලන්තයේ සිට ආ පස් දරු මව මරා කිඹුලන්ට කන්න දාලා

Published:

දරුවන් පස් දෙනකුගේ මවක් මරා ඇගේ සිරුර කිඹුලන්ට කෑමට දැමූ බවට සැකපිට තරුණයකු අත්අඩංගුවට ගත් බව ‍කිලිනොච්චිය පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කිලිනොච්චිය, උදයනගර්, අම්බලකුලම් පදිංචි රාසේන්ද්‍රම් රාජලක්ෂ්මී නමැති මවකි.

ඇය සිය දරුවන් සමඟ එංගලන්තයේ ලන්ඩන් නුවර පදිංචි වී සිට මෑතක දී ශ්‍රී ලංකාවට පැමිණ සිටියාය. ඇය අම්බලකුල ප්‍රදේශයේ කුලී නිවසක තාවකාලිකව පදිංචිවී සිටි බව ද ඊයේ (27) රාත්‍රී සිට ඇය අතුරුදන්ව ඇති බව ද පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබිණි.

ඒ අනුව ඇගේ නිවස පරීක්ෂා කිරීමේ දී ලේ පැල්ලම් කිහිපයක් නිවසේ පොළොව මත තිබී හමුවූ බව ද පොලිසිය පවසයි. වැඩිපුර විමර්ශනයේ දී ඇය සිටි නිවසට යාබද නිවසක සිටි තරුණයකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර ඇත. එහි දී අනාවරණය වී ඇත්තේ සැකකරු විසින් කාන්තාව ඝාතනය කර ඇගේ සිරුර යතුරුපැදියක ගැටගසාගෙන නිවසේ සිට කිලෝ මීටර 18ක් දුරින් පිහිටි කන්දපුරම් හි ඇළමාර්ගයකට දමා ඇති බවයි. මෙම ඇ‍ළ මාර්ගයේ කිඹුලන් බහුලව සිටින බැවින් කිඹුලන්ට කෑම සඳහා එම සිරුර එහි දැමූ බව ද අනාවරණය වී ඇත.

Related articles

Recent articles

spot_img