spot_img
spot_imgspot_img

සේවක අර්ථසාධක අරමුදලේ මුදල්, කොටස් වෙළෙඳ පොළ ආයෝජනයෙන් රජය බිලියන ගණනක් ලාභ ලබලා

පුවත්

විදෙස්

සේවක අර්ථසාධක අරමුදල (EPF) සතු මුදල් යොදාගෙන කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි කර ඇති ආයෝජනවලින් ඉහළ ලාභයක් ලබාගැනීමට හැකි වී ඇතැයි අනාවරණය වෙයි.

2021 සැප්තැම්බර් 30 වැනි දා අවසන් වූ කාර්තුවේ දී, අර්ථසාධක අරමුදලේ කොටස් වෙළෙඳ පොළ ආයෝජන පිළිබඳ නිකුත් කර ඇති සටහන අනුව මේබ සනාථ වී ඇත.

ඒ අනුව සේවක අර්ථසාධක අරමුදලේ මුදල් යොදාගෙන කොළඹ කොටස් වෙළෙඳ පොළ ලැයිස්තුගත සමාගම් 68ක මුදල් ආයෝජනය කර ඇති අතර ඒ සඳහා යොදවා ඇති මුදල රුපියල් බිලියන 84.09කි. එම මුදල් ආයෝජනයේ වෙළෙඳ පොළ වටිනාකම 2021 සැප්තැම්බර් 30 වැනි දින වනවිට රුපියල් බිලියන 91.92ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව  කොළඹ කොටස් වෙළෙඳ පොළ ආයෝජන විස්තර අනුව පැහැදිළි වෙයි.

ඒ අනුව සේවක අර්ථසාධක අරමුදල, කොටස් වෙළෙඳපාළ ආයෝජන හරහා මෙතෙක් ලබා ඇති ලාභය රුපියල් බිලියන 7.83 කි.

අර්ථ සාධක අරමුදල සතු මුදල් කොළඹ කොටස් වෙළෙඳ පොළ ආයෝජනය කිරීමෙන් වැඩිම ලාභයක් උපයා ඇත්තේ LOLC Holdings සමාගමෙනිය. එය රුපියල් බිලියන 7.8කි, රෝයල් සෙරමික් සමාගමෙන් රුපියල් බිලියන 5.39ක ලාභයක් උයාගෙන ඇති අතර, වැලිබල් වන් සමාගමෙන් රුපියල් බිලියන 3.9ක්, ලංකා ටයිල්ස් රුපියල් බිලියන 1.32ක්, ඩිප්ඩ් ප්‍රඩක්ට් සමාගමෙන් රුපියල් බිලියන 1.3ක්, රිචඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි වෙතින් රුපියල් බිලියන 1.17ක් වශයෙන් බිලියනය ඉක්මවා ලාභ උපයාගත් සමාගම් දැක්විය හැකිය.

මේ අතර සමාගම් කොටස් මිල දී ගැනීමෙන් රුපියල් බිලියනය ඉක්මවා අලාභ වාර්තා වූ සමාගම් කිහිපයක් ද එම ලේඛනයේ දක්නට ලැබෙයි. ඒවා නම් ඒෂියන්ස් හොටෙල්ස් සමාගම රුපියල් බිලියන 1.3යි, බුකිට් ඩාරා රුපියල් බිලියන 1.42යි, කාර්සන් කම්බර්බැච් රුපියල් බිලියන 1.01යි, කළම්බු ඩොක්යාර්ඩ් රුපියල් බිලියන 1.94යි, කොමර්ෂල් බැංකුව රුපියල් බිලියන 1.57යි, ඩීඑෆ්සීසී බැංකුව රුපියල් බිලියන 1.94යි, හැටන් නැෂනල් බැංකුව රුපියල් බිලින 1.14යි ලෙස එම ආයෝජන හඳුනාගත හැකිය.

මේ අතර 2021 සැප්තැම්බර් 30 න් අවසන් කාර්තුව තුළ දී අර්ථසාධක අරමුදල විසින් නවලෝක රෝහල් සමාගමේ සහ කෑගල්ල වැවිලි සමාගමේ කර තිබූ ආයෝජනයන් සම්පූර්ණයෙන් විකුණා දමා තිබේ. මේ අනුව එදිනට අරමුදල විසින් ආයෝජනය කර තිබෙන මුළු ලැයිස්තුගත සමාගම් සංඛ්‍යාව 68 ක් වේ.

සේවක අර්ථ සාධක අරමුදල යනු ශ්‍රී ලංකාවේ විශාලතම සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමය වන අතර, 2020 අවසන්වනවිට එම අරමුදලෙහි වත්කම රුපියල් බිලියන 2,814 කි. සේවක අර්ථ සාධක අරමුදලේ පරිපාලන කටයුතු කම්කරු දෙපාර්තමේන්තුව මගින් සිදු වන අතර එහි අරමුදල් කළමණාකාරණය මුදල් මණ්ඩලය හරහා ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලබයි.

කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගම් හි ආයෝජනය කර ඇති ප්‍රමාණය සමස්ත අරමුදලේ වටිනාකමෙන් 3% ක් පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!