-5.9 C
New York

ඩොලර් මගින් කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු කිරීමට අවස්ථාව ලැබෙයි

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (28) දිනයේ ගනුදෙනු 43,261ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලිය 5,674ක් බවට පත්විය.

අද දිනයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 100කින් පහළ ගිය අතර එය ඒකක 11,907ක් බවට පත්විය. දිනයේ වැඩිම පිරිවැටුමක් සහිතව කොටස් ගනු දෙනු වූ සමාගම් අතර කොමර්ෂල් බැංකුව රුපියල් මිලින 627යි, මෙල්ස්ටා ක්‍රොප් සමාගම රුපියල් මිලියන 563යි, සිටිසන්ස් ඩිවෙලොප්මන්ට් බැංකුව රුපියල් මිලියන 506යි ලෙස ද වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර එස්එන්බී ලීසිං කොටස් මිලියන 90යි, එස්එන්බී ලීසිං (X) කොටස් මිලියන 35යි, ප්‍රයිම් ලෑන්ඩ් සමාගම කොටස් මිලියන 31යි ලෙස ද ප්‍රමුඛ විය.

සංවෘත කවය තුළ එන්ටීබී බැංකුව කොටස් මිලියන 4.2ක් රුපියල් 54.00 බැගින් ද එල්බී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 02ක් රුපියල් 68.00 බැගින් ද, සිටිසන් ඩිවෙලොප්මන්ට් බැංකුව කොටස් මිලියන 2.9ක් රුපියල් 170.00 බැගින් ද, මෙල්ස්ටාක්‍රොප් සමාගම කොටස් මිලියන 10ක් රුපියල් 55.00 බැගින් ද, අමානා බැංකුව කොටස් මිලියන 20ක් රුපියල් 4.40 බැගින් ද ලංකා අයිඕසි සමාගම කොටස් 325,000ක් රුපියල් 74.50 බැගින් ද කොමර්ෂල් බැංකුව කොටස් මිලියන 7.4ක් රුපියල් 78.00 බැගින් ද හුවමාරු විය.

කොළඹ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම් අතර රුපියල් බිලියන 729ක් වාර්තා කළ එක්ස්පෝ ලංකා සමාගම පළමු ස්ථානයේ ද, රුපියල් බිලියන 537ක් වාර්තා කළ එල්ඕඑල්සී සමාගම දෙවැනි ස්ථානයේ ද රුපියල් බිලින 205ක් වාර්තා කළ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම තෙවැනි ස්ථානයට ද පත්විය.

අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳ පොළෙ සමාගම් අතර වැඩිම ප්‍රතිශතයකින් මිල ඉහළ ගිය සමාගම් අතර මූලික කොටස් නිකුතුවෙන් පසු අද දින මුල්වරට ගනු දෙනු ආරම්භ කළ මයිලෑන්ඩ් සමාගමේ මිල 83%කින් ද, බොගවන්තලාව වැවිළි සමාගම 45%කින් ද, උඩපුස්සැල්ලාව වැවිළි සමාගම 24%කින් ද, මිල ඉහ යනු දක්නට ලැබිණි.

විදේශීය ආයෝජකයන් විසින් රුපියල් මිලියන 77ක කොටස් මිල දී ගෙන ඇති අතර රුපියල් මිලියන 713ක කොටස් විකුණා තිබේ.

ඒ අනුව අද දිනයේ පමණක් ශුද්ධ ලෙස විදේශ ආයෝජකයන් විසින් රුපියල් මිලියන 636ක මුදලක් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත්කරගෙන ඇත.

2021 වර්ෂයේ දී මේ දක්වා විදේශීය ආයෝජකයන් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත්කරගෙන ඇති සම්පූර්ණ මුදල රුපියල් බිලියන 52.021කි.

අද දිනයේ විදේශ ආයෝජකයන් කොටස් මිල දී ගත් සමාගම් අතර කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 38ක් ද, කාසන් කම්බැච් සමාගම රුපියල් මිලියන 07යි, ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 04.5යි, සොෆ්ට්ලොජික් සමාගම රුපියල් මිලියන 2.1යි, ඩිප් ප්‍රඩක්ට් සමාගම රුපියල් මිලියන 02යි ලෙස ද විදේශීය ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර මෙල්ස්ටාකොප් සමාගම රුපියල් මිලියන 550යි, අමානා බැංකුව රුපියල් මිලියන 88යි, බලංගොඩ වැවිළි සමාගම රුපියල් මිලියන 8.8යි, ලංකා වෝල්ටයිල් සමාගම රුපියල් මිලියන 8.5යි, එස්එන්බී ලීසිං සමාගම රුපියල් මිලියන 7.2යි ලෙස ප්‍රමුඛ විය.

වර්ෂ අවසානයේ කොටස් වෙළෙඳ පොළෙ තැරැව්කාර සමාගම්වල තාවකාලික ණය පියවීමත්, බොහෝ අරමුදල් මගින් ලබාගත් ලාභයන් කොටස් විකුණා මුදල් බවට පත්කර ගැනීමත් හේතුවෙන් කොටස් වෙළෙඳ පොළ සුළු පසුබෑමක් දක්නට ලැබුණ ද එසේ වෙතත් ඉතා ඉක්මණින් කොළඹ කොටස් වෙළෙඳ පොළ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 12,500 ඉක්මවනු ඇතැයි ආයෝජකයො විශ්වාසය පළකරති.

ශ්‍රී ලංකාවේ පවතින ඩොලර් අර්බුදයට විසඳුමක් ලෙස ඇමෙරිකානු ඩොලර් මගින් කොටස් ගනුදෙනු සිදුකිරීම සඳහා කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි සමාගම්වලට ගනුදෙනු ආරම්භ කිරීමට අවස්ථාව ලබාදීමට තීරණය කර ඇති අතර එ් සඳහා අවශ්‍ය පරිගණක පද්ධතිය සකස් කිරීම මේ දිනවල සිදුවන බවත් ඉතා ඉක්මණින් ඇමෙරිකානු ඩොලර් මගින් ගනුදෙනු කළ හැකිවන පරිදි කොළඹ කොටස් වෙළෙඳ පොළෙ සමාගම් කටයුතු කරන බවත් කොළඹ කොටස් වෙළෙඳ පොළ ප්‍රකාශයට පත්කර තිබේ.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

Related articles

Recent articles

spot_img