spot_img
spot_imgspot_img

ජනපති ගෝඨාභය මාධ්‍ය ප්‍රධානීන් හමුවේ දුක කියයි

පුවත්

විදෙස්

උගත්, බුද්ධිමත් වියත් පිරිසක් විද්‍යාත්මක පදනමක් යටතේ රජයේ අමාත්‍යාංශ ලේකම්වරු සහ සංස්ථාවල ප්‍රධානීන් ලෙස පත්කළ ද ඔවුන් ප්‍රායෝගික නොවීම හේතුවෙන් බරපතළ ගැටලු ඇති වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ජනාධිපති නිල නිවසේ දී ඊයේ (28) මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමු වූ අවස්ථාවක දී අදහස් දක්වමිනි.

එහි දී ජනාධිපතිවරයා කියා සිටියේ මෙලෙස පත්කළ බොහෝ දෙනකු තම වගකීම් ඉටුකිරීමේ දී අසාර්ථක වූ බවයි. රාජකාරී කිරීමේ දී ඔවුන් අනුගමනය කළ ක්‍රියාකලාපවල ද සමතුලිතතාවක් නොතිබූ බව ජනාධිපතිවරයා කීවේය.

තමන් ජනාධිපතිධූරයේ වගකීම භාර ගත්තේ විශාල බලාපොරොත්තු ප්‍රමාණයක් සමඟ සෞභාග්‍යයේ දැක්ම අනුව සැළසුම් සකස් කරමින් වුව ද නොසිතූ අයුරින් කොරෝනා වයිරසය ව්‍යාප්තවීම හේතුවෙන් ආර්ථිකය ඇතුළු සමස්තය කඩා වැටුණු බව ද හෙතෙම කීවේය.

සංචාරක කර්මාන්තයෙන් වසරකට ඩොලර් බිලියන 05ක්, භාණ්ඩාගාර බිල්පත් තුළින් ඇමෙරිකානු ඩොලර් බිලියන 05ක් සහ අපනයනය තුළිල් ලැබූ දැවැන්ත ආදායම මෙන්ම විදේශගත රැකියා කරන පිරිස් වෙතින් ලැබෙන ආදායම යන ඩොලර් ලැබෙන ක්‍රම සියල්ල මේ වනවිට අවහිර වී ඇතැයි ද ජනාධිපතිවරයා මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවේ කීවේය.

කොරෝනා වසංගතයට පෙර ඩොලර් බිලියන 07ක විදේශ සංචිත ප්‍රමාණයක් රට සතුව තිබුණු බව ද ජනාධිපතිවරයා කීවේය. එවකට හිටපු මහ බැංකු අධිපතිවරයා කොවිඩ් හේතුවෙන් ආදායම් මාර්ග කඩා වැටීමට ඇති ඉඩ නිසා ඩොලර් සංචිත ප්‍රමාණය හිඟවනු ඇතැයි බලධාරීන් තමාට අනතුරු ඇඟවූ බව ද මෙහි දී ජනාධිපතිවරයා හෙළි කළේය.

එමෙන් ම පුනර්ජනනීය බලශක්ති භාවිතය පිළිබඳ ජනතාව නිසි අයුරින් දැනුම්වත් කිරීමට නිලධාරීන් උනන්දු නොවීම සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කළ ජනාධිපතිවරයා කියා සිටියේ හඳුනාගත් සූර්ය බල මොඩියුල 7,000ක් අතරින් 800ක් පිළිබඳ ප්‍රචාරණය කර දැන්වීම් පළ කළ ද ආයෝජකයන් ඉදිරිපත් වූයේ එයින් 150ක් වැනි සුළු ප්‍රමාණයකට බව ද ජනාධිපතිවරයා මෙහි දී කියා සිටියේය.

එමෙන් ම, තමන් කිසිම අවස්ථාවක කාබනික ගොවිතැන සඳහා යොමු වීමට බලපෑමක් නොකළ බව ද සාකච්ඡාවල දී කාබනික පොහොර 30%ක් හා රසායනික පොහො‍ර 70%ක් ලෙස යොදා වගා කිරීමට සාකච්ඡා කළත් වසරක් අවසානයේ එහි ප්‍රගතිය පරීක්ෂා කිරිමේ දී පොහොර වර්ග දෙකම එකවර යොදා ගනිමින් ඒවා මිශ්‍ර කර ගොවිතැන් කිරීමට නිලධාරීන් කටයුතු යොදා ඇතැයි අනාවරණනය වූ බව ද  ජනාධිපතිවරයා මෙහි දී සඳහන් කළේය.

“හරිත කෘෂිකර්මාන්තය කිය්නනේ මගේ එක අරමුණක්. මේ වැඩේට ඇත්තෙන්ම කෘෂිකර්ම අමාත්‍යාංශය කසිම සහනයක් දුන්නේ නෑ. මේ කොම්පෝස්ට් පොහොර නෙවෙයි හදන්නේ. ඊට එහා ගිය දෙයක්. මේ වැඩේ අසාර්ථක කරගන්න දෙන්න එපා.” යැයි ද ජනාධිපතිවරයා මාධ්‍ය ආයතන ප්‍රධානින්ගෙන් ඉල්ලා සිටියේය.

මෙහි දි පුවත්පත් කතුවරයෙක් චීන පොහොර නැව සම්බන්ධයෙන් ද ප්‍රශ්න කළේය.

එහි දී ඊට පිළිතුරු දුන් ජනාධිපතිවරයා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග මුළුමනින්ම වැරදි බවයි. නැව ගෙන්වීමට පෙර සාම්පල නිසි ලෙස පරීක්ෂාකිරීමට තිබූ බව ද ජනාධිපතිවරයාගේ අදහසයි. ණයවර ලිපි පවා නිකුත්කිරීමෙන් පසු එලෙස භාණ්ඩ ආපසු හරවා යැවීම ජාත්‍යන්තර ගැටලුවකට තුඩුදෙන කරුණක් බව ද ජනාධිපතිවරයා එම ගැටලුව සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් කීවේය.

“අපි ජනතා හිතවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා. නමුත් ඒ වෙනුවෙන් කරන කැපකිරීම ජනතාව අතරට ගිහින් නැහැ. ඒ ප්‍රතිපත්ති ගැන ඇමතිවරු සහ නිලධාරීන් විවිධ තර්ක ගොඩනඟමින් ඉන්නවා මිසක් ඒවා ගැන ජනතාව දැනුම්වත් කරන්නේ නෑ. අපි එතනෝල් ආනයනය සීමා කරලා, ගම්මිරිස්, බුලත්, තේ, රබර්, පොල් ආදියෙන් විශාල ආදායම් ලැබුවා. සීනි නිෂ්පාදනයෙන් ආදායම් ලැබුවා. විදේශ ටයිල් ආනයනය සීමා කරලා දේශීය ටයිල් නිෂ්පාදනය ඉහළ නැවීමට කටයතු කළා. නමුත් මේ ගැන කිසිම කෙනෙක් අවධානය යොමු කරන්නේ නෑ.”

ජනාධිපතිවයර වැඩිදුරටත් එසේ ද කිවේය.

ජනාධිපතිවරයා පවසන්නේ රජයේ අමාත්‍යවරු පවා ඒ ගැන කිසිම සැළකිල්ලක් නොදක්වන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!