-4.8 C
New York

ගිනස් වාර්තාවක් තැබීමට ‍ලෝකය වටා යන ‘සාරා’ ශ්‍රී ලංකාවට පැමිණෙයි

Published:

ගිනස් වාර්තාවක් තැබීම සඳහා ලෝකය වටා සැහැල්ලු ගුවන් යානයකින් සංචාරය කරමින් සිටින බෙල්ජියම් ජාතික සාරා රදර්ෆර්ඩ් රත්මලාන ගුවන් තොටුපොළෙ වෙත පැමිණියාය.

19 හැවිරිදි වියේ පසුවන ඇය 2021 අගෝස්තු 18 වැනි දා සිය ලෝවටා සංචාරය ආරම්භ කළාය. 2022 ජනවාරි මස මැද දී සිය සංචාරය සම්පූර්ණ කිරීමට සාරා අපේක්ෂාකරයි. ඇය එම සංචාරය අවසානයේ ලෝකය වටා සැහැල්ලු ගුවන් යානයකින් සංචාරය කළ ලාබාලතම කාන්තාව යන ගිනස් වාර්තාවට හිමිකම් කියනු ඇත.

ඇය මෙම ගමනේ දී රටවල් 52ක් හරහා කිලෝ මීටර 51,000ක දුරක් ගමන් කිරීමට නියමිතය. ඇගේ මේ ලෝ වටා සවාරියේ දී ශ්‍රී ලංකාව එක් නැවතුමකි.

Related articles

Recent articles

spot_img