spot_img
spot_imgspot_img

ළිඳට වැටුණු බෝලය ගැනීමට ගිය දරුවා නොඑන ගමන් යයි

පුවත්

විදෙස්

ළිඳට වැටුණු බෝලයක් රැගෙන දෙන ලෙස පියාට පැවසුව ද තාත්තාගේ උත්සාහයත් අසාර්ථක වීම නිසා නිවසේ කිසිවෙකුත් නොසිටි අවස්ථාවක දී බෝලය ගැනීමට ළිඳට බැස්ස 09 හැවිරිදි දරුවෙකු දියේ ගිලී මියායමේ පුවතක් මැදරිගිරියෙන් වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්ත් මැදිරිගිරිය, දිවුලන්කඩවල, කුසුම් පොකුණ ප්‍රදේශයේ පදිංචි දරුවෙකි.

දින දෙකකට පමණ පෙර ඔහු සෙල්ලම් කරමින් සිටි බෝලයක් නිවස අසළ ඇති ළිඳකට වැටී තිබේ. එය රැගෙන දෙන ලෙස ඔහු තම තාත්තාට කීව ද තාත්තාගේ උත්සාහය ද සාර්ථක වී නැත.

මේ අතර ඊයේ (27) දහවල් නිවසේ සිට ඇත්‍තේ මියගිය දරුවා පමණි. සවස 2.00ට පමණ මව නිවසට පැමිණ බලන විට දරුවා පෙනෙන්නට නොසිටි බැවින් සොයා බැලුව ද ඔහු හමුවී නැත. ළිඳට වැටී ඇතැයි සිතුව ද එවැන්නක් ද දක්නට ලලැබී නැත. නමුත් ඔහුගේ අතින් ළිඳට වැටී තිබුණු බෝලය ළිඳ අසළ වත්තේ තිබෙණු දැක ගම්වාසීන් විසින් ‍ළිඳෙහි ජලය ඉවත්කර බැලූ විට දරුවාගේ මළ සිරුර හමුවී තිබේ.

පොලිසිය පවසන්නේ නිවසේ කිසිවෙකුත් නොමැති අවස්ථාවේ දී දරුවා බෝලය ගැනීමට ළිඳට බැස බෝලය ගෙන එය පිටතට විසිකරන්නට ඇති බවයි. පසුව ඔහු යළි ළිඳටම වැටී මියයන්නට ඇතැයි ද පොලිසිය සැකකරයි.

දේහය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතව තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!