-2.1 C
New York

ඩොලර් නැති නිසා විදෙස් තානාපති සේවා තාවකාලිකව නතර වෙයි

Published:

ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩල කාර්යාල තවත් කිහිපයක් තාවකාලිකව වසා දමන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර තිබේ. මෙම තීරණය ගෙන ඇත්තේ බරපතල ආර්ථික අභියේග හමුවේ රටට අවශ්‍ය විදේශ සංචිත සුරක්ෂිත කිරීම සහ දූත මණ්ඩල මෙන්ම කාර්යාල නඩත්තු කිරීම සඳහා වැය කෙරෙන වියදම් අවම කර ගැනීම මෙහි අරමුණ වී ඇති බව ද විදේශ කටයුත අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

ඒ අනුව නයිජීරියාවේ අබුජා හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆර්ට් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය, සයිප්‍රස් හි නිකෝසියා හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය යන දූත කාර්යාල පවතී.

එම කාර්යාල තුන 2021 දෙසැම්බර් 31 වනදා සිට බලපැවැත්වෙන පරිදි තාවකාලිකව වසා දැමීමට විදේශ අමාත්‍යංශය “දැඩි සැලකිලිමත් බවින් යුක්තව තීරණය කළ” බව එම නිවේදනයේ සඳහන් කර ඇත.

Related articles

Recent articles

spot_img