-5.9 C
New York

මැලේරියා පැතිරීමේ අවදානමක්. අප්‍රිකාවෙන් එන සියලු දෙනා මැලේරියා රෝග පරීක්ෂණයට

Published:

අප්‍රිකාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයන්ගෙන් මෙරට මැලේරියා පැතිරීමේ අවදානමක් හටගෙන ඇති බැවින් අප්‍රිකාවේ සිට පැමිණෙන සියලුම පුද්ගලයන් මැලේරියා පරීක්ෂණයක් සඳහා යොමුකිරීමට වහාම තීරණය කළ බව මැලේරියා මර්ධන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර පවසයි.

2021 වර්ෂයේ දී මෙරටින් මැලේරියා රෝගීන් 25ක් හඳුනාගෙන ඇති අතර ඉන් 24 දෙනකු ම අප්‍රිකානු රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයන් බව ද තහවුරු කරගෙන ඇත.

ඒ හේතුවෙන් අප්‍රිකානු රටවල සිට මෙරටට පැමිණෙන සියලුම පුද්ගලයන් මැලේරියා පරීක්ෂණයකට යොමුකිරීමට තිරණය කර තිබේ.

විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර පවසන්නේ දෙසැම්බර් මාසයේ දී හඳුනාගැණුනු මැලේරියා රෝගීන් දෙදෙනකු යාපනයෙන් වාර්තා වූ බවයි. ඔවුන්ගෙන් යාපනය දිස්ත්‍රික්කයේ මැලේරියා පැතිරීමේ අවදානමක් ඇති බව ද හෙතෙම පෙන්වා දෙයි.

Related articles

Recent articles

spot_img