-4.8 C
New York

“ඩොලර් නෑ. කන්ටේනර්වලට ගෙවන්න බෑ” – මහබැංකුව මුදල් අමාත්‍යාංශයට දැනුම් දෙයි

Published:

අත්‍යාවශ්‍ය ආහාර භාණ්ඩ සහිත කන්ටේනර් 1,500ක් පමණ නිදහස් කරගැනීම සඳහා අවශ්‍ය ඩොලර් නිකුත් කිරීමට නොහැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව වෙළෙඳ අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

මහ බැංකුව සඳහන් කර ඇත්තේ මේ වනවිට ඩොලර් නොමැති බැවින් එලෙස ඩොලර් ලබාදීමට නොහැකි වුව ද ඒ සඳහා අවශ්‍ය කරනු ලබන ඩොලර් මිලියන 25ක පමණ මුදල ලබන ජනවාරි මස මැද දී ලබාදිය හැකි බවයි.

වෙළෙඳ අමාත්‍යාංශය පවසන්නේ වරායේ දැනට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත කන්ටේනර් 1,200ක් පමණ නිදහස් කර ගැනීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 25ක් අවශ්‍ය බවයි.  එම මුදල් ප්‍රමාණය ආනයන කරුවන් වෙත නිකුත් කරන ලෙස වෙළඳ අමාත්‍යාංශය මීට සති දෙකකට පෙර ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලිඛිතව ඉල්ලීම් කර තිබිණි.

අමාත්‍යාංශය එම ඉල්ලීම කරන ලද්දේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයන කරුවන් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන සමඟ කරන ලද සාකච්ඡාවකින් පසුවය. ඒ අනුව එම ඩොලර් ප්‍රමාණය නිකුත් කිරීමට මහ බැංකුව එකඟවී තිබුණ ද මේ දක්වාම එම මුදල නිකුත් නොකිරීම හේතුවෙන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන බ්‍රහස්පතින්දා මහ බැංකු අධිපතිවරයා සමඟ ද සාකච්ඡා කර තිබිණි. එම සාකච්ඡාවෙන් පසු මෙම මුදල නිදහස් කිරීමට දැන්ම හැකියාවක් නැති බව මහබැංකු නිලධාරීන් විසින් වෙළෙඳ අමාත්‍යාංශයට දන්වා තිබේ.

ජනවාරි මාසයේ ගෙවීමට ඇති ඇමරිකානු ඩොලර් කෝටි 50 ක විදේශ ණය වාරික ගෙවීමට මහ බැංකුව ප්‍රමුඛතාව දී කටයුතු කරන බැවින් ,කන්ටේනර නිදහස් කිරීමට මේ මොහොතේ ඩොලර් නිදහස් නොකරන බව බව දැනගන්නට ඇත .

Related articles

Recent articles

spot_img