-4.8 C
New York

බිත්තරයක් 50ක්, කුකුළු මස් කිලෝ ග්‍රෑමයක් 1000ක් දක්වා ඉහළ යාමේ අවධානමක්

Published:

කුකුළු මස් සහ බිත්තර මිල ඉදිරියේ දී විශාල වශයෙන් ඉහළ යනු ඇතැයි කුකුළු මස් හා බිත්තර නිෂ්පාදකයෝ කියති.

සත්ව ආහාර හිඟවීම හේතුවෙන් මෙම අවදානම ඇති වී තිබේ.

ඉදිරි කාලයේ දී කුකුළු මස් කිලෝවක් රුපියල් 900-1000ත් අතර ගණනකටත්, බිත්තරයක් රුපියල් 40-50ත් අතර මිලකටත් ඉහළ යනු ඇතැයි ඔවුහු පවසති.

ඩොලර් හිඟවීම හේතුවෙන් සත්ව ආහාර ගෙන්වීමට අවශ්‍ය ණයවර ලිපි නිකුත් කිරීමට නොහැකි වීමෙන් මෙලෙස මිල ඉහළ යාමේ අවදානමක් ඇතිවී තිබේ.

සත්ව ආහාර නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් සුසිල් කුමාර හීන්කෙන්ද පවසන්නේ දැනටමත් මෙරට කුකුළු මස් සහ බිත්තර ගොවිපොළවල් කිහිපයක් වසා දමා ඇති බවයි.

Related articles

Recent articles

spot_img