(ඩී.ඩබ්ලිව්.රංජනී සෝමචන්ද්‍ර)
කොරෝනා වසංගත කාලයේ දී ළමුන් අතරවයන්ට හා අපචාරවලට ගොදුවීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ඇතැයි කෑගල්ල දිසාපති මහින්ද එස්.වීරසූරිය පවසයි.
ඔහු මේ බව අනාවරණය කළේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති ළමා හා කාන්තා සංවර්ධන කමිටුවට සහභාගී වෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක් වූ දිසාපතිවරයා මෙසේ ද කිවේය.
“ළමා අපචාර හා අපයෝජන වාර්තා වීම් වසරින් වසර ඉහළයාම කණගාටුවට කරුණක්. කොරෝනා හේතුවෙන් දරුවන් නිවෙස්වලට කොටු වූ කාලයේ දී මෙය තවත් වේගවත් වෙලා තියෙනවා. අපි මේ තත්ත්වය අවම කරගන්න ඕනෑ. දරුවන් හා දෙමාපියන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් 2022 වර්ෂයේ දි වඩාත් හොඳින් සැළසුම් කළ යුතුයි. කොරෝනා කාලයේ දී නිවෙස්වල ඥාති වැඩිහිටියන් සහ අසල්වැසි වැඩිහිටි පුද්ගලයන් මේ ළමයින් සමඟ මුසුවීම මේ තත්වයට හේතුවක් විය හැකියි.”
එම රැස්වීමට සහභාගී වූ කෑගල්ල මහ රෝහලේ විශේෂඥ ලිංගාශ්‍රිත රෝග පිළිබඳ වෛද්‍ය ශ්‍යාමා සෝමවර්ධන මෙසේ කීවාය.
“ලිංගාශ්‍රිත රෝග සඳහා කෑගල්ල රෝහලේ සායනයට පැමිණෙන ලිංගාශ්‍රිත රෝග සඳහා ගොදුරු වූ දරුවන් සංඛ්‍යාව විශාල වශයෙන් වැඩි වී තිබෙනවා. ඇත්තටම මෙය ඉතා කණගාටුදායක තත්වයක්. 2019 වර්ෂයේ දී පැමිණ තිබුණේ ළමුන් 19 යි, 2020 දී ළමුන් 35ක් ආවා. 2021 වර්ෂයේ දී මේ වනවිට ළමුන් 54ක් ඇවිත් තිබෙනවා. මෙම වසංගත කාලය තුල දරුවන් නිවෙස් වලටම වී සිටීම සමීප හිතවතුන් හා සම්බන්ධතා ගොඩනගා ගැනීම ළමා අපචාර වලට හේතු වී ඇති එය හොඳ නිදසුනක්. මීට හොඳම විසඳුම දරුවන් හා දෙමාපියන් දැනුවත් කිරීම අත්‍යාවශ්‍යයි.”
පාසල් නොයන දරුවන් පාසල් ගත කිරීම, දරුවන් ගේ පෞරුෂ සංවර්ධනය හා කොවිඩ් තත්ත්වය නිසා දරුවන් මුහුණ දෙන ගැටලුවලට විසඳුම් ලෙස සුරක්ෂිත පවුල් පරිසරයක් ගොඩනැගීම මෙහෙ දි අත්‍යවාශ්‍ය කරුණක් බව ද සාකච්ඡා කෙරිණි.
ළමා නිවාස ගත දරුවන් ගේ සෞඛ්‍යය පෝෂණය භාරය හා ආරක්ෂාව මත්ද්‍රව්‍ය නිවාරණය ළමා ශ්‍රමය තුරන් කිරීම සම්බන්ධව ද විශේෂ අවධානයක් යොමු විය.
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන ) චරිතා ඉලංගකෝන් අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීෂා රත්නායක සහ ප්‍රාදේශීය ලේකම් වරු සීතාවක කොට්ඨාස භාර සහකාර පොලිස් අධිකාරී රසික රත්නායක නිලධාරීහු රැසක් සහභාගී වූහ.