ශ්‍රී ලංකාවට ණයට බොරතෙල් දීමට සිංගප්පූරුව එකඟ වී ඇතැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ පවසයි.
කෙසේ වුව ද එම ණය දින 180ක කාලයක දී පියවිය යුතුය. සුමිත් විජේසිංහ පවසන්නේ අදියර 06කින් බොරතෙල් ලැබෙන බවයි. ඒ අනුව පළමු තොගය ලබන ජනවාරි මැද දී මෙරටට ලැබීමට නියමිතය.
සභාපතිවරයා පවසන්නේ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු තවදුරටත් පවත්වාගෙන යාමේ අවස්ථාව හිමිවනු ඇති බවයි