spot_img
spot_imgspot_img

තිරුක්කෝවිල් පොලිසියේ ඝාතනවලට හේතුව අනාවරණය වෙයි

පුවත්

විදෙස්

අම්පාර, තිරුක්කෝවිල් පොලිසියේ සිව් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමට හේතුව නිවාඩු ලබා නොදීම හේතුවෙන් සිදුවූ උරණවිමක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

තමන් ඉල්ලූ නිවාඩු නොලැබීම සම්බන්ධයෙන් ක්‍රෝධයෙන් සිටි පොලිස් සැරයන් වරයා ඊයේ රාත්‍රී 10.00 ත් 11.00ත් අතර තමන් සේවය කරන පොලිස් ස්ථානයට පැමිණ තිබේ. එම අවස්ථාවේ ප්‍රධාන දොරටුවේ රාජකාරී කරමින් සිටි පොලිසි නිලධාරියාගේ ගිනි අවිය උදුරා ගෙන ඔහු පොලිස් නිලධාරීන්ට වෙඩි තබා ඇත. එම වෙඩි තැබීමෙන් පොලිස් නිලධාරීන් තිදෙනකු එම ස්ථානයේ දී ම මිය‍ගොස් ඇත.

පොලිස් ස්ථානාධිපතිවරයා මේ අවස්ථාවේ දී ජීප් රථයෙන් පොලිස් ස්ථානයට පැමිණ ඇති අතර සැරයන් වරයා එම ජීප් රථයට ද වෙඩි තබා ඇත.

තුවාල ලැබූ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු තිදෙනකු තිරුක්කෝවිල් රෝහලට ඇතුළත් කර ඇත.

වෙඩි තැබීම සිදුකළ පොලිස් සැරයන්වරයා තම පුද්ගලික කැබ් රථයකින් ඔහුගේ ගම් ප්‍රදේශය වූ ඇතිමලේට පැමිණ ටී 56 වර්ගයේ ගිනි අවියක් සහ පතොරම් ගැබ් 19ක් සමඟ භාර වී ඇත.

ඇතිමලේ පොලිසිය ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

රෝහල්ගත කරනු ලැබූ පොලිස් නිලධාරියකු ද අද උදෑසන මියගියේය.

මියගිය අය අතර පොලිස් සැරයන්වරයෙක්, කොස්තාපල්වරු දෙදෙනෙක් සහ පොලිස් කොස්තාපල් රියදරකු ද සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!