spot_img
spot_imgspot_img

පාසල් යන දියණියගේ දරුගැබ විනාශ කරද්දී මියගිය බව සැඟවූ දෙමාපියන් අත්අඩංගුවට

පුවත්

විදෙස්

නීති විරෝධී ගබ්සාවක් සිදුකිරීමට ගොස් අධික රුධිර වහනය හේතුවෙන් මියගිය බවට පශ්චාත් මරණ පරීක්ෂණයේ දී තහවුරු වී ඇති බාලවයස්කාර දැරියගේ ඝාතනය වසන් කිරීමට තැත් කළේයැයි යන චෝදනා මත ඇගේ මව, පියා සහ සහෝදරිය ද ඝාතනය සිදුකළ බවට සැකපිට ඇගේ මස්සිනා ද අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.

පුදුකුඩුඉරිප්පු උඩයාර්කට්ටු ප්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි දැරියක් ‍එලෙස මියගොස් තිබිණි. ඇය නිවසින් අතුරදන්ව ඇතැයි 15 වැනි දා පොලිසියට ලැබුණු පැමිණිල්ලක් අනුව කරන ලද විමර්ශන වල දී ඇගේ සිරුර සොයාගනු ලැබුවේ නිවසට මීටර 200ක් පමණ දුරින් වූ කැලෑ බද ප්‍රදේශයකිනි.

ඉන් පසු කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වූයේ ඇය මාස දෙකක ගැබිණියක බවයි. එම කලලය ඉවවත්කිරීටම ගත් උත්සායේ දී ඇය මියගොස් ඇති බවත් අනාවරණය වී තිබේ.

ප්‍රශ්න කිරීම්වල දී තහවුරු වී ඇත්තේ ඇගේ මස්සිනා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි. පසුව එම ඝාතනය සැඟවීම සඳහා සැළසුම් සහගතව සහ සූක්ෂමව කටයුතු කිරීම යන චෝදනා මත මව, පියා සහ සොහොයුරිය අත්අඩංගුවට ගැණිනි.

දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇයගේ මස්සිනා මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන ජනවාරි 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

අත්අඩංගුවට ගත් දැරියගේ පියා, මව සහ සහෝදරිය මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!