spot_img
spot_imgspot_img

දූෂණ චෝදනා ලැබ සිරගතව සිටි ජනාධිපතිනිය නිදහස් කරයි

පුවත්

විදෙස්

විශාල දූෂණ වංචාවක් සම්බන්දයෙන් වසර 22ක සිර දඬුවම් විඳිමින් සිටි දකුණු කොරියාවේ හිටපු ජනාධිපති පාර්ක් ගුන් හේ ට වර්ථමාන ජනාධිපති මූන් ජී ඉන් විසින් සමාව ලබා දී තිබේ.

69 හැවිරිදි පාර්ක් ගුන් හේ 2018 දී බලය අනිසි ලෙස භාවිතා කිරීම සහ බලහත්කාරය සම්බන්ධයෙන් වරදකරු විය. ඒ වන විට ඇයට එරෙහිව දෝශාභියෝගයක් ද ගෙනවිත් තිබිණ.

එරට ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ නායකයෙකු බලයෙන් පහකල ප්‍රථම අවස්ථාව එය විය.

නිදන්ගත උරහිස් සහ කොන්දේ වේදනාව හේතුවෙන් පාර්ක් මේ වසරේ තුන් වතාවක් රෝහල් ගත කර ඇත.

ප්‍රාදේශීය පුවත් ආයතනයක් වන Yonhap පැවසුවේ නව වසර සඳහා මූන් මහතාගේ විශේෂ සමාව ලබන ප්‍රතිලාභීන් අතර සිටි පාර්ක්, ඇයගේ දුර්වල සෞඛ්‍යය හේතුවෙන් ලැයිස්තුවට ඇතුළත් කර ඇති බවයි.

ජනාධිපති මූන් ජේ-ඉන් මීට පෙර ඇයට සමාව දීම ප්‍රතික්ෂේප කර ඇති හෙයින් මෙම නිවේදනයෙන් බොහෝ දෙනා පුදුමයට පත් වී තිබේ.

අල්ලස් ගැනීම සම්බන්ධයෙන් 2015-2017 කාලයේ වසර දෙකක සිර දඬුවමක් විඳි දකුණු කොරියාවේ පළමු කාන්තා අගමැති Han Myeong-sook ද පසුගියදා, රජය විසින් නිදොස් කොට නිදහස් කරන ලදී.

2018 දී, පාර්ක්, චෝදනා 18 න් 16 කට වරදකරු වූ අතර, ඒවායින් බොහොමයක් අල්ලස් හා බලපෑම් කිරීම සම්බන්ධ විය.

ඇගේ සමීප මිතුරිය වන චෝයි සූන්-සිල් විසින් පවත්වාගෙන යනු ලබන පදනම සඳහා ඩොලර් මිලියන ගණනක් ලබා දෙන ලෙස සැම්සුන් සහ සිල්ලර වෙළඳ ජාලයක් වන ලොට් වැනි සමූහ ව්‍යාපාරවලට බලපෑම් කිරීමට ඇය හවුල් වූ බව උසාවිය තීන්දු කළේය.

ඊට අමතරව, ඇගේ දිගුකාලීන මිතුරෙකුට රහස්‍ය ජනාධිපති ලේඛන නිකුත් කිරීම සම්බන්ධයෙන් පාක් වැරදිකරු විය.

පාක්ට මුලින් වසර 30ක සිර දඬුවමක් සහ වොන් බිලියන 20ක දඩයක් (යූරෝ මිලියන 12.5ක්, ඩොලර් මිලියන 16.8ක්) නියම කරන ලද නමුත් පසුව මහාධිකරණයක් විසින් දූෂණය සඳහා වූ දඩය සහ කාලය වසර 15 දක්වා අඩු කරන ලද අතර බලය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් තවත් 5ක් එක් කරන ලදී.

මෙම සමස්ත සිද්ධිය දකුණු කොරියාවේ මහජන විරෝධතා රැසකට තුඩු දුන්නේය – ඒවායින් බොහොමයක් පාර්ක් ඉල්ලා අස්වන ලෙස කරන ලද ඉල්ලීම් ය. එය දේශපාලනයේ ඉහළම තලය සහ දකුණු කොරියාවේ සමූහ ව්‍යාපාරවල ප්‍රධානීන් අතර අනියම් සම්බන්ධය හෙළි කළේය.

මෙම නඩුව පාර්ක්ට පසුව ලිබරල් පාක්ෂික මූන් ජේ-ඉන් ට බලය ලබා ගැනීම සඳහා මග පෑදුවේය, ඔහු ඉහළ තනතුරුවල දූෂණය මුලිනුපුටා දැමීමේ පොරොන්දුව මත සිය මැතිවරණ ව්‍යාපාරය දියත් කළ බව බීබීසී හි සෝල් වාර්තාකරු ලෝරා බිකර් පවසයි.

https://www.bbc.com/news/world-asia-59777757

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!