spot_img
spot_imgspot_img

කොටස් වෙළෙඳ පොළ කෙටි කාලයකින් ඒකක 12,000 ඉක්මවයි

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (24) දිනයේ ගනුදෙනු කාලසීමාව පැය එකහමාරකට සීමා වූ බැවින් ගනුදෙනු 25,942ක් සිදුව දෛනික පිරිවැටුම රුපියල් මිලියන 2,840ක් බවට පත්විය.

ඉතිහාසයේ පළමු වරට සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 12,000 ස්ථාවරව ඉක්මවූ අතර අද දිනය තුළ දී පමණක් සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 119කින් ඉහළ ගිය අතර එය ඒකක 12,070ක් බවට පත්විය.

අද දිනය තුළ දී වැඩිම පිරිවැටුමක් සහිතව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 423යි, සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම රුපියල් මිලියන 337යි, එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 213යිි ලෙස ද වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර එස්එන්බී ලීසිං කොටස් මිලියන 56යි, සොෆ්ට්ලොජික් කැපිටල් කොටස් මිලියන 38යි, ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් කොටස් මිලියන 14යි ලෙස සටහන් විය. අද දිනයේ ද කොළඹ කොටස් වෙළෙද පොළ වටිනාම සමාගම ලෙස රුපියල් බිලියන 753ක් වාර්තා කළ එක්ස්පෝ ලංකා සමාගම පළමු ස්ථානයට ද බිලියන 543ක් වාර්තා කළ එල්ඕඑල්සී සමාගම දෙවැනි ස්ථානයට ද බිලියන 205ක් වාර්තා කළ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම තුන්වැනි ස්ථානයට ද පත්විය.

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර බ්ලූ ඩයමන්ඩ් (X) එස්එන්බී ලීසිං (X) සහ උඩුපුස්සැල්ලාව වැවිළි සමාගම කොටස් මිල 25%කින් ඉහළ යන ලදී

සංවෘත කවය තුළ කිසිදු කොටස් හුවමාරුවක් සිදු නොවූ අතර විදේශීය ආයෝජකයන් විසින් රුපියල් මිලියන 35ක කෙටස් මිල දී ගනිමින් රුපියල් මිලියන 67ක කොටස් විකුණා තිබේ ඒ අනුව අද දිනය තුළ දී පමණක් ශුද්ධ ලෙස විදේශීය ආයෝජකයන් විසින් රුපියල් මිලියන 32ක මුදලක් කොටස් වෙළෙඳ පොළෙන් ඉවත් කරගෙන ඇත.

ඒ අනුව අද දිනය දක්වා 2021 වර්ෂයේ දී රුපියල් බිලියන 50.925ක මුදලක් දේශීය ආයෝජකයන් විසින් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් සම්පූර්ණයෙන් ඉවත් කරගෙන තිබේ.

අද දිනයේ දේශීය ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම් අතර කැලණි වැලි වැවිළි සමාගම මිලියන 5.7යි, සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම මිලියන 5.2යි, රෝයල් සෙරමික් සමාගම මිලියන 4.8යි, ෆෝට් ලෑන්ඩ් සමාගම මිලියන 3.9යි, එයිට්කන්ට් ස්පෙන්ස් සමාගම මිලියන 3.5යි ලෙස ද විදේශීය ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර ලංකා අයිඕසී සමාගම මිලියන 19යි, අමානා බැංකුව මිලියන 13යි, කොමර්ෂල් බැංකුව මිලියන 07යි, හේලීස් ෆයිබර් සමාගම මිලියන 4.6යි ජන ශක්ති රක්ෂණ සමාගම මිලියන 3.2ක් ලෙස සටහන් විය.

ඒ අනුව කොළඹ කොටස් වෙළෙඳ පොළ සමස්ත කොටස් මිල දර්ශකය 2021 අවසන් වීමට ප්‍රථම ඒකක 12,500 ඉක්මවනු ඇතැයි ආයෝජකයෝ විශ්වාසය පළ කරති.

(විශ්ලේෂණය නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!