-0.3 C
New York

බංගලාදේශයේ යාත්‍රාවක් ගිනි ගැනීමෙන් 37ක් මරුට

Published:

බංගලාදේශයේ දකුණු දිග ජලාකාති නගරය ආසන්නයේ මගී යාත්‍රාවක් ගිනි ගැනීමෙන් 37 දෙනකු පමණ මියගොස් තවත් 100 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

ගින්න හටගන්නා අවස්ථාවේ එම යාත්‍රාවේ පුද්ගලයින් 500ක් පමණ සිට ඇති බවත් සමහරක් ජලයට පැනීමෙන් පසු දියේ ගිලී මියගොස් ඇති බවත් පොලිසිය පවසයි.

මගීන්ගෙන් බොහෝ දෙනෙකුට දරුණු පිළිස්සුම් ඇති බැවින් ව්‍යසනයෙන් මියගිය සංඛ්‍යාව වැඩි වීමට ඉඩ ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.

ගිනි නිවන සේවා නිලධාරි කමල් හොසේන් බූයියන් ප්‍රාදේශීය මාධ්‍ය වෙත පැවසුවේ යාත්‍රාව සුගන්ධා ගඟ දිගේ ගමන් කිරීමත් සමඟ ගින්න එන්ජින් කාමරයෙන් ආරම්භ වී ඉක්මනින් පැතිරී ඇති බව විශ්වාස කරන බවයි. යාත්‍රාව, අගනුවර වන ඩකා සිට බර්ගුනා නගරය වෙත ගමන් කරමින් තිබිණ. බර්ගුනා, ඩකා සිට දකුණට කිලෝමීටර් 250 ක් (සැතපුම් 155) පමණ දුරින් පිහිටා ඇත.

ගින්න පැය ගණනාවක් පුරා පැවතී ඇත.

දිවි ගලවා ගත් එක් මගියෙකු වන වයෝවෘද්ධ තැනැත්තියක AFP පුවත් සේවය වෙත පවසා ඇත්තේ ගින්න හටගන්නා විට බොහෝ මිනිසුන් නිදා සිටි බවයි.

“අපි නිදාගෙන හිටියේ බිම් මහලේ තට්ටුවේ පැදුරක් මත,” ඇය පැවසුවාය. මගේ නව හැවිරිදි මුනුබුරා වන නයීම් මා සමඟ සිටි අතර ඔහු ගඟට පැන්නේය. මම දන්නේ නැහැ එයාට මොනවා වුණාද කියලා.”

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇති බව වාර්තාවේ.

බංගලිදේශයේ තොටුපළවල මෙවැනි අනතුරු අසාමාන්‍ය දෙයක් නොවේ, අධික ලෙස මගීන් පැටවීම හේතුවෙන් යාත්‍රාවල මෙවැනි අනතුරු සිදුවන අතර රටේ බොහෝ නැව් තටාකවල දුර්වල නඩත්තු හා දුර්වල ආරක්‍ෂිත ප්‍රමිතීන් සමඟ අයහපත් කාලගුණය ද හේතුවෙන් බොහෝ විට යාත්‍රා ගිලී යයි.

2020 ජුනි මාසයේදී මිනිසුන් 50 දෙනෙකු පමණ රැගත් බෝට්ටුවක් ඩකා ආසන්නයේදී පෙරලීමෙන් දුසිම් ගනනක් මිය ගියහ.

https://www.bbc.com/news/world-asia-59777784

Related articles

Recent articles

spot_img