“බාප්පාගේ ගෙදර ඉදලා පොඩි අක්කා නැවත ගෙදර ආවට පස්සේ එයාට හිටගන්නවත් බැරි තරම් අමාරුවක් තිබුණා. වමනේ ගියා. විකාර දෙඩෙව්වා. නින්ද යන්නේ නැතිව කෙඳිරි ගගා හිටියේ. රෑ 2.00ට විතර තාත්තා නැගිටලා පොඩි අක්කාට හොඳටම බැනලා ලීයකින් දෙකක් ගහලා ගෙදරින් එළියට ඇදලා දැම්මා.” යැයි තම පියාගේ සහ බාප්පාගේ පහරදීම් හේතුවේන මියගිය 14 හැවිරිදි නිපුනි නුවන්තිකා බණ්ඩාර දැරියගේ මරණය සම්බන්ධ මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණයේ දී ඇගේ නැගණිය වන පවනි නෙත්මිණි බණ්ඩාර (12) සාක්ෂි දෙමින් කීවාය.
ගම්පොළ මහේස්ත්‍රාත් සහ දිසාවිනිසුරු ශ්‍රීනිත් විජේසේකර මහතා විසින් මියගිය නුවන්තිකා බණ්ඩාර දැරියගේ නිවසට ගොස් මහේස්ත්‍රාත් පරීක්ෂණ්‍ය පැවැත්වීය.
මියගිය දැරිය ගම්පොළ මවුන්ට් ටෙන්ජල් ජනපදයේ පදිංචිව සිටි අතර ඇය ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලැබුවාය.
මහේස්ත්‍රාත් පරීක්ෂණයේ දී අනාවරණය වූයේ සිය බාප්පාගේ නිවසට ගොස් සිටිය දී බාප්පාගේ දියණිය සහ තවත් තරුණයකු සමඟ ඇය පේර කඩන්නට ගොස් ඇති බවයි. ඔවුන් පේර කඩන බව දුටු අයකු ඒ ගැන බාප්පාට පවසා තිබේ. මේ ගැන දියණියන් දෙදෙනාගෙන් ප්‍රශ්න කළ බාප්පා ඔවුන් දෙදෙනාට බැන වැදී පහර දී ඇත.
ඉන් පසු ඇය පසුගිය 19 වැනි දා යළි නිවසට රැගෙන ඒමෙන් පසු අසනීපව අසාධ්‍ය තත්වයෙන් පසු වුව ද දෙමාපිය් ඇය රෝහල්ගත කර නැත. ඇය කෙදිරිගාමින් සිටින විට ඇගේ පියා ද පහර දී තිබේ.
21 වැනි දා උදෑසන වනවිට ඉතාමත් අසාධ්‍ය තත්වයෙන් පසු වූ ඇය, මව විසින් අසළ ඥාති නිවසකට ගෙන ගොස් තිබූ බව ද මූලික පරීක්ෂණයෙන් අනාවරණය වී තිබිණි.
එම නිවැසියන් මෙම දැරිය රෝහල්ගත කිරීමට සූදානම් වුව ද දැරියගේ පියා එය වළක්වා තිබේ.
මියගිය දැරියගේ සොහොයුරිය පවනි බණ්ඩාර සාක්ෂිි දෙමින් ඒ ගැන වැඩිදුරටත් මෙසේ සඳහන් කළාය.
“පොඩි අක්කා උඩහ අයියලාගේ ගෙදරට අරන් ගියට පස්සේ අම්මා කිව්වා ගමේ නැන්දා කෙනෙකුට කියලා දෙහි ගෙඩියක් මතුරලා ගෙනත් දෙන්න ඕනෑ කියලා.”
අසල්වැසි කාන්තාවක වන රහදිය වෙදරාළලාගේ තිළිණි මනීෂා මහේස්ත්‍රාත් පරීක්ෂණයේ දී සාක්ෂි දෙමින් මෙසේ කීවාය.
“මියගොස් සිටින්නේ මගේ මහත්තයාගේ ලොකු අම්මාගේ දුව. එයා අංගම්මන බාප්පලාගේ ගෙදර ගිහින් ඉදිද්දී බාප්පා ගහලා කියලා ආරංචියට මගේ මහත්තයයි අනිත් අයයි ත්‍රීවීලර් එකකින් ගිහින් නංගී ගෙදරට ගෙනාවා. එතකොට දැනගත්තා දවස් දෙකකින් කෑම කාලා නෑ කියලා. එයා දිගටම විකාර දෙඩෙව්වා. කියන ඒවා පැහැදිලි නෑ. උගුරෙන් කතා කරනවා වගේ තමයි ඇහුණේ. මට කිව්වා මහණ වෙන්න යනවා ඔයත් එනවාද කියලා. පස්සේ දවල් එකහමාරට විතර වතුර ඉල්ලුවා. මහත්තයා නංගිට යෝගට් එකක් කැව්වා. අයිස් වගේකුත් දුන්නා. දවල් දෙකට විතර එහෙමම ගල් වුණා. හුස්ම ගත්තේ නෑ.”
මෙම මරණය සම්බන්ධ වැඩිදුර සාක්ෂිි විභාගය ලබන 29 වැනි දාට කල් තැබිණි. එදිනට සාක්ෂිකරුවන් අධිකරණය වෙත ඉදිරිපත්කරන ලෙස මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය.
ගම්පොළ මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර, උපපොලිස් පරීක්ෂක අසංක යන නිලධාරීන් එහිදී සාක්ෂි මෙහෙයවීම සිදු කළහ.
මෙහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර සිටියේ මෙම දැරිය කල් වේලා ඇතිව රෝහල්ගත කළා නම් ඇය බේරා ගැනීමට තිබූ බවයි. මවුපියන් හා ඥාතීන් ප්‍රාථමික අයුරින් කටයුතු කිරීම නිසා අඩු වයස් දරුවකු මෙසේ මිය යෑම කණගාටුදායක තත්වයක් බවද සඳහන් කළේය.
සුරංග රාජනායක විසිනි

ආදරය, කරුණාව, රැකවරණය හා දරුවන්ගේ මානසිකත්වය ටේරුම් ගැනීම ද ළමයින් තුල විරුද්ධ ලිංගිකයන් හා සමාජ ක්‍රියාකාරකම් කිරීමට වාරණ යෙදීම මගින් හෝමෝන ක්‍රියාත්මක වීම තුල සිදුවන වෙනස්කම් සදහා දරුවන්ට අවබෝධාත්මක දැණුම් ලබාදීමට වැඩිහිටියන් හා අධ්‍යාපන ක්‍රමයේ ඇති සංකූලතා මෙයට හේතුසහගතවී ඇත.