spot_img
spot_imgspot_img

රතන හිමි සහ පාදෙණිය සියල්ල විනාශ කළා. ජනපතිට, අගමැතිට ලනු දුන්නා.

පුවත්

විදෙස්

තම පුද්ගලික අරමුණු ඉටුකරගැනීම සඳහා මේ රටේ සියලු වගාවන් විනාශවන ආකාරයෙන් පොහොර පිළිබඳ වැරදි මතයකට රජය ගෙන ගියේ අතුරලියේ රතන හිමි, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය හ ප්‍රියන්ත යාපා ඇතුළු පිරිසක් විසින් යැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහාචාර්ය උදිත ජයසිංහ පවසයි.

ඔවුන් තමන්ගේ පුද්ගලික ලාභ අපේක්ෂාවෙන් මෙලෙස ජනාධිපතිවරයා ඇතුළු රජයම නොමග යවමින් මෙරට කෘෂිකර්මය විනාශ කර ඇතැයි කෘෂි ආර්ථික විද්‍යාව හා කෘෂි කර්ම කළමනාකරණය පිළිබඳ මහාචාර්යවරයකු වූ හිටපු ලේකම්වරයා පවසයි.

අනාගතයේ දී සාගතයක් අනිවාර්යයෙන් ම එන බවත්, එහි වගකීම මේ පිරිස විසින් භාරගත යුතු බවත් හෙතෙම කීවේය. තමන් මේ විෂය ගැන හොඳින්ම දන්නා බැවින් කෘෂිකර්ම අමාත්‍යවරයාට සහ ජනාධිපිතවරයාට අවස්ථා ගණනාවක දී ම මොවුන්ගේ මේ තීරණවල දෝෂ සහගත බව වරින් වර දැනුම් දුන් බවත් එසේ කරුණු වාර්තා කිරීමේ සීමාවක් තිබෙන බවත් හෙතෙම කීවේය.

අවසානයේ දී ගන්නෝරුවේ තිබූ උත්සවයක් අවසානයේ දී ආහාර හිඟයක් ඇතිවිය හැකි බවට ගන්නෝරුවේ දී කළ ප්‍රකාශය හේතුවෙන් නව ලේකම්වරයකු අමාත්‍යාංශය සඳහා පත්කරන්නට හේතු වන්නට ඇතැයි තමන් සිතන බව ද හිටපු ලේකම්වරයා කියයි. රටේ නායකයන්ට මේ විනාශය ගැන කියා පිළිතුරක් නොලැබෙන බැවින් තමන් ආහාර හිඟයක් ඇතිවන බව ජනතාවට කීවේ තමන්ගේ යුතුකමක් සහ වගකීමක් ලෙස බව ද අවසානයේ ජනතාවට ඇත්ත කීම වරදක් ලෙස සැළකීම කණගාටුවට කරුණක් බව ද මහාචාර්ය වරයා කියයි.

මහාචාර්ය උදිත ජයසිංහ සඳහන් කරන්නේ චීනය සමඟ කළ පොහොර ගනුදෙනුව ද අතිශය සැකකටයුතු බවයි. චීනය ගැන සිතා පොහොර ගැන සානුකම්පිතව බලන්න යැයි පවා තමන්ගෙන් ඉල්ලීම් කළ බවත් තමන් ඊට විරුද්ධ වූ බවත් ලේකම්වරයා අනාවරණය කර තිබේ.

ඔහු මේ බව සඳහන් කරන්නේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමඟ යූටියුබ් සංවාදයකට එක්වෙමිනි.

එම සංවාදය පහතින් ඇත.

(මෙම පුවත සම්බන්ධයෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට අගතියක් සිදුවන්නේ නම් ඔවුන්ගේ අදහස් දැක්වීම් හෝ ප්‍රකාශයන් මෙයට සමාන ඉඩක් ලබාදෙමින් පළකිරීමට අප බැඳී සිටින බව සැළකිය යුතුය)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!