spot_img
spot_imgspot_img

නත්තල් සැමරුමට විදුලිය හරස්වෙයි

පුවත්

විදෙස්

නත්තල් සූදානම අතරතුර විදුලිබල මණ්ඩලය විසින් හෝමාගම ප්‍රදේශ‍යට හෙට දිනයේ විදුලි සැපයුම අත්හිටුවා ඇතැයි එම ප්‍රදේශයේ පදිංචි කතෝලික හා ක්‍රිස්තියානි ජනතාව චෝදනා කරති.

25 වැනි දා නත්තල සැමරීම සඳහා සියලු සූදානම් කිරීම් ඔවුන් සිදුකරන්නේ හෙට (24) දිනයේ ය. එවැනි දිනයක නඩත්තු කටයුතු සඳහා පවසමින් විදුලිය විසන්ධි කිරීමෙන් තමන් දැඩි අපහසුතාවකට පත්වන බවත්, නත්තල් වෙනුවෙන් විශේෂයෙන් ම පිළියෙල කරන කේක් වර්ග ඇතුළු ආහාර වර්ග පිළියෙල කිරීමට නොහැකිවීම කණගාටුවට කරුණක් බව ද ප්‍රදේශවාසීහු පවසති.

මේ සම්බන්ධයෙන් අප හෝමාගම විදුලි අධිකාරී දිසානායකගෙන් විමසූ විට ඔහු මෙසේ කීවේය.

“අපි කලින් සැළසුම් කළ නඩත්තු කටයුත්තක් වෙනුවෙන් විදුලිය විසන්ධි කරනවා. අපි දවස පුරාම ලයිට් කපන්නේ නැහැ. ට්‍රාන්ස් පෝමර 04ක් තෝරාගෙන ඒ ට්‍රාන්ස්පෝමර මගින් විදුලිය සැපයෙන ප්‍රදේශවල පමණයි විදුලිය කපන්නේ. මේ හතරම එකවිට විසන්ධි කරන්නේ නැහැ. එකක් ඉවර වෙලා තව එකක් විදියට තමයි කරන්නේ. එතකෙට එක ට්‍රාන්ස් පෝමරයකින් විදුලිය සැපයෙන ප්‍රදේශයකට විදුලිය නැති වෙන්නේ පැය එකහමාරක් වගේ කාලයකට. නත්තල් කියලා අපිට මේ වැඩ නවත්වන්න බැහැ. හෙට නත්තලක් නැහැනේ. මේ නඩත්තු කිරීම් මීට පෙර මාසයකට දින දෙකක් කළා. පසුගිය කාලේ මාර්ග පළල් වීම නිසා මාස ගණනකින් කළේ නැහැ. මෙහි දී කරන්නේ විදුලි රැහැන්වලට බාධාවන ගස් අතු කපා ඉවත්කිරීම”

ඔහු වැඩිදුරටත් කියා සිටියේ සැළසුම් කළ නඩත්තු කාර්යය නැවැත්විය නොහැකි බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!