-2.1 C
New York

ගම්පහ තක්ෂිලා විදුහල්පති අල්ලස් දැලේ පැටලෙයි

Published:

ගම්පහ තක්ෂිලා විද්‍යාලයේ විදුහල්පතිවරයා අද (23) රුපියල් ලක්ෂ 02ක අල්ලසක් ගන්නා අවස්ථාවේ දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාවේ ලේකම් අප්සරා කල්දේරා පවසයි.

විදුහල්පතිවරයා මෙම අල්ලස ගෙන ඇත්තේ ව්‍යාපාරිකයකුගේ දරුවකු පාසලේ හත්වැනි ශ්‍රේණියට ඇතුළත් කිරීමට බව පවසමිනි.

තම දියණිය පාසලට ඇතුළත් කිරීම සඳහා ඉල්ලීමක් කළ විට රුපියල් ලක්ෂ දෙකක් ඉල්ලා සිටි බව පවසමින් අල්ලස් කොමිසමට කරන ලද පැමිණිල්ලක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකරන ලදී.

අල්ලස් කොමිසමෙන් උපාය දූතයකු යොදවා සිටිය දී සැකකාර විදුහල්පතිවරයා සිය කාර්යාල කාමරයේ දී මෙම අල්ලස් මුදල ලබා ගනිද්දී අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකර හෙට (24) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට සැකකාර විදුහල්පතිවරයා ඉදිරිපත් කරන බව ද අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාවේ ලේකම්වරිය පවසයි.

Related articles

Recent articles

spot_img