spot_img
spot_imgspot_img

“ඉදිරියේ දී ආහාර හිගයක්. මම අතින් කාලා හරක් බැලුවා”- කෘෂි අමාත්‍යාංශ ලේකම්

පුවත්

විදෙස්

“ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ ආහාර හිඟයක් ඇති වෙනවා. ඒක නවත්වන්න බැහැ. කුඹුරු සහ එළවළු පළතුරු වගා දැක්කම, තේ, පොල්, රබර් වගාවට සිදුව තිබෙන දේ දැක්කාම ආහාර හිඟයක් ඇති නොවෙන්නේ නම් ඇදහිය නොහැකි ප්‍රාතිහාර්යයක් සිදුවිය යුතුයි” යනුවෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ පවසයිි.

ජනවාරි 01 වැනි දා සිට බලපැවැත්වෙන පරිදි කෘෂිකර්මා අමාත්‍යාංශයට නව ලේකම්වරයකු පත්කර තිබේ.

“විද්‍යාත්මක තොරුතුරු පදනම් කරගනිමින් අපි ආහාර හිඟයක් ඇතිවන බව කලින්ම පැවසුවා. මාර්තු මාසෙය් දී වී නෑ, අරක නෑ, මේක නෑ කියන්නේ නැතිව මේ පෙර අනතුරු ඇඟවීම් තේරුම්ගත යුතුයි. ඒ අනුව කටයුතු කරන්න ඕනෑ. එහෙම කළොත් මාස දෙක තුනකින් හෝ මෙයින් ගොඩ එන්න පුළුවන් බව කියන්න අපි ඇත්ත කිව්වා. නැතිව රාජ්‍ය ප්‍රතිපත්ති උල්ලංඝනය කළේ නැහැ.” යැයි ද හෙතෙම වැඩිදුරටත් පවසා තිබෙබ්.

කෘෂි කර්ම ක්ෂේත්‍රයේ මහාචාර්ය වරයකු වූ ඔහු ආහාර සුරක්ෂිිතතාව පිළිිබඳ පර්යේෂකයෙකි. ඔහු පවසන්නේ තවත් විශාල පිරිසක් සමඟ දීර්ඝකාලයක් ඒ සම්බන්ධ පර්යේෂණ සිදුකිරීමේ අත්දැකීම තමන්ට ඇති බවයි. ඒ අනව සංඛ්‍යාලේඛන පදනම් කරගනිමින් පුරෝකථනයක් කළ බව ද හෙතෙම පවසයි. ඔහු පවසන්නේ විද්‍යාත්මක දත්ත යනු සැබෑ තත්වය බවයි. නමුත් එයට අකමැති පිරිස් ඒ දත්ත සහ දත්ත අනුසාරයෙන් හෙළිවන යථාර්ථය සඟවා ගැනීමට උත්සාහ ගන්නා බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

මේ ඇත්ත කී‍ම හේතුවෙන් තම රැකියාව අහිමිවූවා නේදැයි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයට පිළිතුරු දුන් මහාචාර්යවරයා කියා සිටියේ තමන්ට අහිමිවූවේ අමාත්‍යාංශයේ ලේකම් ධූරය බවයි. නමුත් තමන් මාස ගණනක සිට මේ ගැන විවිධ කමිටුවල දී සාකච්ඡා කළ බවත් අවසානයේ යුතුකමක් සහ වගකීමක් ලෙස ජනතාව දැනුම්වත් කළ බවත් හෙතෙම කීවේය. ජනාතව දැනුම්වත් කිරීම හේතුවෙන් රැකියාව අහිමිවූවානම් එය සතුටින් භාරගන්නා බව ද මහාචාර්යවරයා පවසයි.

ඔහු පවසන්නේ කොරෝනා වසංගත කාලයේ දී කරපු සේවයට අවශ්‍ය දීමනා පවා නොලැබුණු බවයි. අවම වශයෙන් ලේකම්වරයා ලෙස ලැබිය යුතු රුපියල් 50,000.00ක මුදල පවා නොලැබී ගිය බවත් සිදුවූයේ අතින් කාලා හරක් බැලීමක් බවත් හිටපු ලේකම්වරයා කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!