spot_img
spot_imgspot_img

ගාල්ල කොටුවේ මාරක පිම්මට අවසර දෙන්න යැයි සංචාරක ඇමතිගෙන් ඉල්ලීමක්

පුවත්

විදෙස්

ගාල්ල කොටුවේ මාරක පිම්ම ආරක්ෂිතව පවත්වාගෙන යාම සඳහා විකල්ප වැඩ පිළිවෙලක සකසන්න යැයි සංචරක අමාත්‍ය ප්‍රසන්න රණතුග උපදෙස් දී තිබේ.

මෙරට සංචාරක ගමනාන්තයක්වන ගාල්ල කොටුවෙට පැමිණෙන සංචාරකයන්ගේ ආකර්ශනය දිනාගත් මෙම “මාරක පිම්ම” දැනට වසර 15ක පමණ කාලයක සිට පවත්ව‍ාගෙන යන්නකි. පසුගිය දා සිදුකෙරුණු ගාල්ල කොටුව සංරක්ෂණ ව්‍යාපෘතිය සමඟ එම පැම්ම සිදුකරන කොඩිගල නමැති අට්ටාලයේ බැම්මක් බැඳීම හේතුවෙන් එයට බාධා එල්ල වී තිබිණි.

මේ පිළිබඳ අවධානය යොමු කළ අමාත්‍ය ප්‍රසන්න රණතුංග පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වා ඉල්ලා ඇත්තේ ලෝකය පුරාම ඉමහත් ආකර්ශනය දිනාගෙන ඇති මේ “මාරක පිම්ම” දිගටම පව්තවාගෙන යාම සඳහා විකල්ප වැඩපිළිවෙලක් සකසා දෙන ලෙස පුරාවිද්‍යා නිලධාරීන්ගෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඉල්ලා ඇත.

මෙම මාරක පිම්ම සම්බන්ධයෙන් rata.lk පළකරන ලද ලිපිය මෙතැනින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!