spot_img
spot_imgspot_img

කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ වැඩිම සමස්ත මිල දර්ශකය වාර්තා කරයි

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (23) දිනයේ ගනුදෙනු 53,738ක් සිදු කරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 6,619ක් බවට පත්විය.

ඉතිහාසයේ මෙතෙක් වාර්තා කළ වැඩිම සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා කරමින් අද දිනය තුළ දී පමණක් ඒකක 136ක් ඉහළ ගිය කොටස් වෙළෙඳ පොළ ගනු දෙනු අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය සටහන් වූයේ 11,951ක් ලෙසිනි.

අද දිනයේ වැඩිම පිරිවැටුමක් සහිතව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 1,471යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිිලියන 655යි, එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 609යි ලෙස ද වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 45යි, සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම කොටස් මිලියන 31යි, ලංකා අයිඕසී සමාගම කොටස් මිලියන 19යි ලෙස කැපී පෙණිනි.

අද දිනයේ වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර රිචඩ් පීරිස් එක්ස්පෝට් සමාගම 43%කින් ද, සෙංකඩගල ෆිනෑන්ස් සමාගම සහ උඩුපුස්සැල්ලෑව වැවිළි සමාගම 24% බැගින් ද මිල ඉහළ යන ලදී.

අද දිනයේ කැපිටල් ප්‍රොපටීස් සමාගමේ මූලික කොටස් නිකුතුව, කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු ආරම්භ කළ අතර එහි මිල රුපියල් 39.00 සිට රුපියල් 47.00 දක්වා ඉහළ ගොස් රුපියල් 40.00ක ස්ථාව මට්ටමේ පැවතිණි.

අද දිනය තුළ සංවෘත කවයේ හැටන් නැෂනල් බැංකුව කොටස් ලක්ෂ 05ක් රුපියල් 135.00 බැගින් ද, හැටන් නැෂනල් බැංකුව  (X) කොටස් 182,000ක් රුපියල් 123.00 බැගින් ද, රිචඩ් පීරිස් හෝල්ඩින්ස් සමාගම කොටස් මිලියනයක් රුපියල් 20 බැගින් ද, හුවමාරු විය.

අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමින් බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම විසින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වැවිළි සමාගම් දෙකක් වන උඩුපුස්සැල්ලාව වැවිළි සමාගම සහ සපුගස්තැන්න වැවිළි සමාගමේ කොටස්වලින් 90%ක් රුපියල් බිලියන 1.9ක මුදලකට මිල දී ගැනීමට එකඟ වී ඇති බව වාර්තා කරන ලදී.

අද දිනය තුළ දී ද රුපියල් බිලියන 752ක වත්කම් වාර්තා කළ එක්ස්පෝ ලංකා සමාගම වටිනාම සමාගම් අතර පළමු ස්ථානයට ද, රුපියල් බිලියන 546ක වත්කම් වාර්තා කළ එල්ඕඑල්සී සමාගම දෙවැනි ස්ථානයට ද රුපියල බිලියන 205ක වත්කම් වාර්තා කළ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම තෙවැනි ස්ථානයට ද පත්ව තිබිණි.

විදේශීය ආයෝජකයන් විසින් රුපියල් මිලියන 105ක කොටස් මිල දී ගත් අතර, රුපියල් මිලියන 97ක කොටස් විකුණා තිබේ. ඒ අනුව අද දිනයේ දී විදේශීය ආයෝජකයන් විසින් රුපිියල් මිලියන 08ක මුදලක් කොළඹ කොටස් වෙළෙඳ පොළෙට ඇතුළත් කර ඇත.

විදේශීය ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම් අතර හේලීස් සමාගම රුපියල් මිලියන 18යි, ටෝකියෝ සිමෙන්ට් රුපියල් මිලියන 12යි, එයිට්කන් ස්පෙන්ස් රුපියල් මිලියන 07යි, එක්ස්පෝ ලංකා රුපියල් මිලියන 06යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් රුපියල් මිලියන 05යි ලෙස ද විදේශීය අ‍ායෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර ලංකා අයිඕසී රුපියල් මිලියන 09යි, සම්පත් බැංකුව රුපියල් මිලියන 08යි, කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 06යි, ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 5.9යි, කැලණි ටයර් සමාගම රුපියල් මිලියන 5.6යි ලෙස සටහන් විය.

ශ්‍රී ලංකාවේ දැනට පවතින විදේශ විනිමය අර්බුදය සඳහා සාර්ථකව මුහුණ දීමට ඇමෙරිකන් ඩොලරයේ අගය සාමාන්‍ය වෙළෙඳ පොළ ගනුදෙනුවල දී ඉල්ලුම හා සැපයුම අනුව මිල උච්ඡාවචනය කිරීම සඳහා ඉතා ඉක්මණින් තීරණය කරනු ඇතැයි බොහෝ ආයෝජකයෝ විශ්වාසය පළකර සිටියි. එමගින් භාණ්ඩ හා සේවා අපනයන සමාගම්වල කොටස් කෙරෙහි විශාල ඉල්ලුමක් ඉක්මණින් ඇතිවනු ඇතැයි ද වැඩිදුරටත් අනාවැකි පහළ වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!