spot_img
spot_imgspot_img

“ඉදිරි සති තුනේ දී ශ්‍රී ලංකාවෙන් ඔමික්‍රෝන් රැල්ලක්” – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු

පුවත්

විදෙස්

ඉදිරි සති තුනේ දී ශ්‍රී ලංකාවේ ඔමික්‍රොන් රැල්ල දැගත හැකවනු ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති උපුල් රෝහණ සඳහන් කරන්නේ මේ දක්වා ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති ඔමික්‍රෝන් බව තහවරු කරගත් ආසාදිතයන් සංඛ්‍යාව 07ක් වුව ද මේ වනවිට සමාජය තුළු ඊට වඩා විශාල පිරිසක් සිටිය හැකි බවයි. ඒ හේතුවෙන් ඉදිරි සති තුනක කාලයේ දී මෙරට කොරෝනා ආසාදිතයන් අතර ප්‍රමුඛ වයිරස ප්‍රභේදය බටව ඔමික්‍රෝන් ප්‍රභේදය පත්වීම වැළැක්විය නොහැකි බව ද හෙතෙම පවසයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛකන සාවද්‍ය බවත් ආසාදිතයන් විශාල පිරිසක් සමාජයේ සිටින බවයි. ඇතිව තිබෙන ආර්ථික ගැටලු හේතුවෙන් රට වසා දැමීමක් බලාපොරොත්තු විය නොහැකි බැවින් ආහාර නැතිව මියයාමට වඩා කොරෝනා වැළඳී මියයාම වඩාත් හොඳ යැයි බලධාරීන් තීරණය කර ඇති බවක් පෙනෙන්ට තිබෙන්නේ යැයි ද උපුල් රෝහණ පවසයි.

එබැවින් උත්සව කාලය යැයි පවසමින් අනවශ්‍ය ගමන් බිමන් නොයා සෞඛ්‍ය ආරක්ෂිතව හැකිතාක් නිවෙස්වලටම වී සිටීම අත්‍යාවශ්‍ය බව ද ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය මෙරට ජනතාවට දැනුම් දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!