spot_img
spot_imgspot_img

නොරොච්චෝලේ තෙල් කාන්දුවක්. විදුලිය කැපීම දිගටම

පුවත්

විදෙස්

නොරොච්චෝල විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රයක ඇති තෙල් කාන්දුවක් හේතුවෙන්, එය යථාතත්වයට පත්කරන තුරු දිගටම විදුලි කප්පාදුවක් කිරීමට සිදුව ඇතැයි වාර්තා වේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජි‍නේරු සංගමයේ සභාපති සෞම්‍යකුමාර මානවඩු පවසන්නේ එක් ජනන යන්ත්‍රයකින් දිගටම තෙල් කාන්දුවන බවයි. එබැවින් දිනකට විනාඩි 45ක පමණ විදුලි කප්පාදුවක් කිරීමට මේ වනවිට සිදුව ඇත. එමෙන්ම සවස 6.00ත් රාත්‍රී 9.30ත් අතර කාලයේ දී මෙම විදුලි කප්පාදුව කිරීමට සිදුව තිබේ.

ඉංජිනේරු මානවඩු පවසන්නේ මෙම දෝෂය හටගෙන ඇති විදුල් ජනන යන්ත්‍රයේ විදුලි නිෂ්පාදනය තාවකාලිකව නවතා දමා ඇති බැවින් පද්ධතියේ සමතුලිතතාවය පවත්වාගෙන යාම සඳහා මෙලෙස විදුලිය විසන්ධි කිරීමට සිදුවන බවයි.

විදුලි බල මණ්ඩලයේ ආරංචිමාර්ග සඳහන් කරන්නේ මෙම අලුත්වැඩියා කටයුතු සඳහා කොපමණ දින ගණනක් ගතවන්නේ ද යන්න පිළිබඳ තවමත් ස්ථිර නිගමනයට එළැඹීමට නොහැකි බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!