spot_img
spot_imgspot_img

“GMOA ලොක්කා පොහොර සමාගම්වලින් කොමිස් ගැසූ සිද්ධියක් යට ගහන්න ලෙඩ්ඩු අමාරුවේ දමලා” – වෛද්‍යවරු

පුවත්

විදෙස්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හිටපු නිලධාරීන්ට එරෙහිව අධිකරණ වාරණ නියෝගයක් තිබිය දී එය නොතකා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් සංවිධානය කර ඇත්තේ එහි හිටපු සභභාපතිවරයා කාබනික පොහොර ගෙන්වන සමාගම්වලින් කොමිස් මුදල් ලබාගැනීමේ සිද්දියක් යට ගැසීමට බව වෛද්‍යවරු පිරිසක් චෝදනා කරති.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය කොළඹ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් මේ බව කියා සිටියේය.

එම සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන කියා සිටියේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ හිටපු සභාපති සහ තවමත් නීති විරෝධී ලෙස බලයේ රැඳී සිටීමට උත්සාහ ගන්නා වෛද්‍යවරයා කාබනික පොහොර ගෙන්වන සමාගම්වලින් විශාල කොමිස් මුදලක් ගෙන ඇති බවයි. ඔහු පසුගිය කාලයක් පුරා විද්‍යාත්මක නොවන කරුණු ගෙනහැර දක්වමින් තම වෘත්තීය නාමයන් සහ වෘත්තීය සංගමයේ නිල නාමයන් පවා භාවිතා කරමින් මෙරට කාබනික පොහොර සම්බන්ධයෙන් වැරදි තොරතුරු සමාජගත කළේ එම කොසිම් මුදල් ලබා ගැනීමට බව ද වෛද්‍යවරු චෝදනා කරති.

මෙම කොමිස් ලබා ගැනීමේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට කරුණු වාර්තා වී ඇති බව ද හෙතෙම හෙළි කළේය. එලෙස කරුණු වාර්තාවීම හේතුවෙන් වෙද්‍යවරුන් වැඩ වර්ජනයකට පොළඹවා කොමිස් සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ නතරකර ගැනීම ඔහුගේ උත්සාහය වී ඇති බව ද රුක්ෂාන් බෙල්ලන පවසයි.

(රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අධිකරණ වාරණ නියෝගයකට ලක්ව ඇති බැවින් ඔවුන්ගේ නිලධාරීන්ගෙන් ප්‍රතිචාර ලබාගැනීමට අපට නීතිමය අවසරයක් නැත. එසේ වුව ද මේ පුවත සම්බන්ධයෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුවන්නේ නම් ඔවුන්ගේ කරුණු පැහැදිළි කිරීම් මේ හා සමාන ඉඩක් ලබා දී පළකිරීමට අප කටයුතු කරයි.)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!