spot_img
spot_imgspot_img

2021 අවසානයට පෙර කොටස් වෙළෙඳ පොළ ඒකක 12,500 ඉක්මවයි ?

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (22) දිනයේ ගනුදෙනු 35,734ක් සිදුකරමින්, දෛනික පිරිවැටුම රුපියල් මිලියන 3,798ක් බවට පත්විය.

දිනය තුළ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 173කින් ඉහළ ගිය අතර එය දිනය අවසානයේ ඒකක 11,814ක් බවට පත්විය.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම් අතර ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 1,002යි, එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 334යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 210යි ලෙස ද වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර එස්එන්බී ලීසිං (X) කොටස් මිලියන 32යි, ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම කොටස් මිලියන 20යි, ලංකා අයිඕසී සමාගම කොටස් මිලියන17යි ලෙස ප්‍රධාන විය.

අද දිනය තුළ දී වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර ලංකා අයිඕසී සමාගම අවස්ථා දෙකක දී විකිණීමට තිබූ කොටස් මිල දී ගෙන අවසන් වූ අතර එය 32%ක ප්‍රතිශතයකින් ද ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම 25%කින් ද, බ්ලූඩයමන්ඩ් (X) 25%කින් ද කොටස් මිල ඉහළ යන ලදී.

සංවෘත කවය තුළ කොමර්ෂල් බැංකුව කොටස් 1,151,000ක් රුපියල් 70.50 බැගින් ද, ලංකා ලුබ්රිකන්ට් සමාගම කොටස් 210,000ක් රුපියල් 112.00 බැගින් ද, වින්ෆෝස් සමාගම කොටස් මිලියන 03ක් රුපියල් 18.10 බැගින් ද හුවමාරු විය.

කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් බිලියන 737ක් වාර්තා කරමින් පළමු ස්ථානයට ද එල්ඕඑල්සී සමාගම රුපියල් බිලියන 541ක් වාර්තා කරමින් දෙවැනි ස්ථානයට ද බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් බිලියන 201 ක් වාර්තා කරමින් තුන්වැනි ස්ථානයේ ද රැඳී තිබිණි.

විදේශීය ආ‍යෝජකයන් විසින් රුපියල් මිලියන 58ක කොටස් මිල දී ගෙන ඇති අතර රුපියල් මිලියන 99ක කොටස් විකුණා තිබේ. ඒ අනුව අද දිනයේ දී පමණක් ශුද්ධ ලෙස විදේශීය ආයෝජකයන් විසින් රුපියල් මිලියන 41ක් කොටස් වෙළෙඳ පොළෙන් ඉවත් කරගෙන ඇත.

2021 වර්ෂයේ අද දිනය දක්වා පමණක් විදේශීය අයෝජකයන් විසින් රුපියල් බිලියන 50.901ක මුදලක් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත් කරගෙන තිබේ.

විදේශීය ආයෝජකයන් අද කොටස් මිල දී ගත් සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 9.1යි, කැලණි ටයර් සමාගම රුපියල් මිලියන 4.4යි, ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 4යි, ලංකා ටයිල් සමාගම රුපියල් මිලියන 3.8යි, රෝයල් සෙරමික් සමාගම රුපියල් මිලියන 2.8යි ලෙස ද විදේශීය අයෝජකයන් කෙටස් විකුණූ සමාගම් අතර ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 31යි, ආපිකෝ ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 10යි, ඊටී හෝලඩින් සමාගම රුපියල් මිලියන 9.9යි, සන්ෂයින් හෝල්ඩින් සමාගම රුපියල් මිලියන 7.8යි, වැලිබල් වන් සමාගම රුපියල් මිලියන 4.1යි ලෙස ද සටහන් විය.

ශ්‍රී ලංකාවේ පවතින ඩොලර් අර්බුදය විසඳීම සඳහා දින කිහිපයක් ඇතුළත ශ්‍රී ලංකාවේ සංචිත ඩොලර් බිලියන 03 ඉක්මවන බවට මහ බැංකු අධිපතිවරයා විසින් ලබා දී ඇති සහතිකය කෙරෙහි ආයෝජකයන් විශාවසය තබා ඇත. කොළඹ කොටස් වෙළෙඳ පොළ ජනවාරි මස 03 වැනි දිනයේ සිට දැනට ගනුදෙනු කරන කාල සීමාව තවත් දීර්ඝ කර ඇති අතර ඒ අනුව පෙරවරු 10.00 – 10.30 අතර කාලයේ දී ඇණවුම් ඉදිරිපත් කිරීම සඳහාත් පෙරවරු 10.30 සිට පස්වරු 2.30 දක්වා ගනුදෙනු සඳහාත් කාලය දීර්ඝ කර තිබේ.

කොළඹ කොටස් වෙළෙඳ පොළ 2021 වසර අවසන් වීමට පෙර සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 12,500 ඉක්මවනු ඇතැයි ආයෝජකයන් විශ්වාසය පළ කර සිටියි.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!